– අලුත් පාර්ලිමේන්තු පනතක් හරහා මේ රටේ ක්‍රිකට් පාලනය විය යුතුයි
– පලස්තීනුවන්ගෙන් පැහැර ගත් ඉඩකඩම්වල ගොවිපොළ පවත්වා ගෙන යාමට අපේ ශ්‍රමිකයන් යොදවන බවට වාර්තා වෙනවා
– යුද්ධයට වගකිව යුත්තේ අධිරාජ්‍යවාදීනුයි
මේ වන විට ගාසා ඊශ්‍රායල් යුද්ධය දරුණුවට සිදු වෙමින් පවතිනවා. දරුවන්ගේ සුසාන භූමි මැවෙනවා. මුස්ලිම් ජනතා නියෝජිතයකු ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?
පසුගිය දස වර්ෂයේ මැද භාගයට පෙර පැවැති අධිරාජ්‍යවාදී ආක්‍රමණය නැවතත් හිස එසවීමක් විදිහටයි මම දකින්නේ. එය තමන්ගේ බළල් අත් හරහා ක්‍රියාත්මක වීමේ දිගුවක්. මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අධිරාජ්‍යවාදී රැළ. ඔවුන් තුන්වැනි රටවල්වල සියලු සම්පත් හූරාගෙන වත්කම් සූරාකමින් තමන්ගේ ආධිපත්‍යයට යටකරමින් බලවත් වුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී ආක්රමණයන්ට ඉඩක් නැති බව ඔප්පු වීමත් සමඟ තමන්ගේම රටවල සිටි හිට්ලර්ගේ හිංසාකාරි ව්‍යාපාරයෙන් බැට කෑ යුදෙව්වන් තමන්ට වසර ගණනාවකට පෙර හිමි වූවායැයි කියන ඉඩම්වලට යා යුතුය කියන මතයේ සිට බලහත්කාරයෙන් පලස්තීනුවන් පලවා හැරීමේ ව්‍යාපාරයක් . මෙය ෆියෝනිස සංකල්පයක් තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමක්. මෙය ඉතා අමානුෂීය වැඩපිළිවෙළක්.
තවමත් ජාත්‍යන්තරය හරහා මීට මානූෂීය මැදිහත්වීමක් දකින්නට නැහැ?
අද වන විට දස දහසකට වැඩිය සිවිල් වැසියන් මරණයට පත් වෙලා. එයින් අඩක්ම දරුවෝ. එසේ තිබියදීත් එක්සත් ජාතින්ගේ සංගමය යුද විරාමයක් ඉල්ලා ගෙනා යෝජනාවටත් එරෙහි වුණු ලැජ්ජා නැති කුරිරු ජාතියක්. ඒ නිසා එවැනි අයට අනිකුත් රටවලට මානව අයිතින් ගැන පාඩමක් උගන්වන්න කිසිදු සාදාචාරාත්මක අයිතියක් නැහැ. මෙය මිනිස් සංහාරයක්. ඒ නිසා මේ යුද්ධයට අධිරාජ්‍යවාදීන් ද වගකිව යුතුයි. යුද විරාමයට සහයෝගය නුදුන් ප්‍රංශය, අෙමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් සියල්ල ඊට වගකිව යුතු වෙනවා.
මේ අර්බුදය ජාත්‍යන්තර ආර්ථිකයට මෙන්ම ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම ගැන විග්රහ කළොත්?
අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති විය හැකියි. මේ තත්ත්වය අපේ බලශක්ති ක්ෂේත්රයට විශාල ලෙස බලපෑම් සිදු කරනවා. ඒ අතර තුළ පලස්තීනුවන්ගෙන් පැහැර ගත් ඉඩකඩම්වල ගොවිපොළ පවත්වා ගෙන යාමට අපේ ශ්‍රමිකයන් යොදවන බවට වාර්තා වෙනවා. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. අනික් පසින් මේ ගොවිපළවල හිටපු පලස්තීනුවන්ට අද ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තවත් ගැටුම් ඇති කිරීමට උත්සාහ කිරීමයි. වසර 20ක් පුරාවට විවෘත බන්ධනාගාරයක් ලෙසයි ගාසා තීරය පත් වුණේ. එදා ඒ ජනතාවට අමානුෂිකව සැලකීම හරහා ප්‍රචණ්ඩත්වයට යොමු වීම නොවැළැක්විය හැකි දෙයක්. මේ ප්රචණ්ඩත්වය, ක්‍රෝධය, වෛරය ඇති කරන්නේ අධිරාජ්‍යවාදීන්. හමාස් සංවිධානයේ හා මොවුන් අතර සාමානාත්මතාවක් දකින්නට නැහැ. අසමාන බලවේග දෙකක් අතර යුද්ධයේදි සිවිල් වැසියෝ බැට කනවා. මේ පිටුපස සිටින්නේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය. ඔවුන් තමන්ගේ නිෂේධ බලය එක්සත් ජාතීන්ගේ යෝජනාවට විරුද්ධව ඉදිරිපත් කිරීම තමයි, මේ මිනිස් සංහාරය මෙතරම් දරුණුවට සිදු වන්නේ.
පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ මුස්ලිම් අන්තවාදින් නොව ඊශ්‍රායල් අන්තවාදීන් පිරිසක් බව ඔබ මීට පෙර පැවැසුවා. කොහොමද එහෙම කියන්නේ?
මම කලින් කියූ දෙයක් ආපසු ගන්නේ නැහැ. මම ඒවා කතා කළේ සාක්ෂි සහිතවයි. අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරයට මේ අයගේ සම්බන්ධයක් තියෙනවා. බුද්ධි අංශ කිහිපයක් එකතුව මේ රටේ කතෝලික ජනතාව හා මුස්ලිම් ජනතාව කෙටවීමට සිදු කළ විශාල මිනිස් සංහාරයක්. ඊට ඊශ්‍රායලය අනුබල දුන් බවට සාක්ෂි තියෙනවා. සහරාන් සමඟ සම්බන්ධතා තිබූ බවට සාක්ෂි තියෙනවා. එය ජනාධිපති කොමිසමේමයි ලියා ඇත්තේ. හැම කෙනාම එය සොයන්නේ නැතිව වහන්නයි හදන්නේ. මෙය දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. සමහරුන් බලයට යෑම තුළින් තමන්ගේ ආධිපත්‍යය හා හිතමිත්‍රාදීන් ආණ්ඩුවට ගෙන ඒමටයි සියල්ල සිදු කළේ. ඊට ඇති තරම් සාක්ෂි තියෙනවා.
ඔබ සැම විටම චෝදනා කරන්නේ වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු බව. නමුත් රට වැටුණු තැනින් ගොඩ ඒමට ඔහු විශාල වෙහෙසක් ගන්නවා?
තවමත් අපි ගොඩ ආවේ නැහැනේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණයට දුන් රටවල්, පුද්ගලික ණය දීම් වගේ කටයුතු තාම සිදු වුණේ නැහැ. ඒවා තවමත් ඇදෙමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තිබුණේ 2021. එසේනම් මේ ප්රශ්නය ඇති වෙන්නේ නැහැ. 2021 නොවැම්බර් වන විට අපි දිගින් දිගටම මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. අපි දිගින් දිගටම එවකට මහ බැංකු අධිපති කබ්රාල්ට මේ ගැන කිව්වා. ඔවුන් එදා මට විහිළු කළා. එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය නැහැ කිවුවා. පුරසාරම් දෙඩෙවුවා. අද මොකද වුණේ.
ඔබ එසේ පැවසුවත් උද්ධමනයේ විශාල අඩුවක් දැක්නට ලැබෙනවා?
උද්ධමනය අඩු වුණාට බඩු මිල ඉහළ යනවා. කොහොමද එහෙම කියන්නේ. එදා රුපියල් 500 ගත්ත දෙයක් අද ගන්න පුුළුවන්ද? ඒ අස්සේ නැවතත් සීනි බදු වංචාව සිදු කර තියෙනවා. රුපියල් 50 කින් බද්ධ වැඩි කරලා. එයින් මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අයුතු ලාභයක් උපයා ගෙන තියෙනවා. මේවා සිදු වන්නේ එළිපිටමයි. එය කරලා තමන්ගේ සාක්කු පුරවා ගත්තා.
ක්‍රිකට් ක්‍රීඩාවේ අකටයුතුකම් ගැන යළිත් කතා කරන්න පටන් අරගෙන. මුස්ලිම් කොන්ග්රසය සිට ගන්නේ කොතැනද?
අයියෝ ඒක හොර ගුහාවක්නේ. දිගින් දිගටම එකම කට්ටිය ඉන්න පුළුවන් විදිහටයි ව්‍යවස්ථාවත් සකස් කර ගෙන තියෙන්නේ. අලුත් පාර්ලිමේන්තු පනතක් හරහා මේ රටේ ක්‍රිකට් පාලනය විය යුතුයි. ක්‍රිකට් පාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් අවශ්‍ය නැහැ. වෘත්තීයවේදීන්, අදාළ ප්‍රවීණයන්, කණ්ඩායම් නියෝජිතයන් හරහා මෙය පාලනය විය යුතුයි. අපි ඒ සඳහා පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන පාලනය අහෝසි විය යුතුයි. සියල්ලෝම මුළු ලොවක් කතා කරන මේ ක්‍රීඩාව වළපල්ලට ඇද දැම්මා. අපේ ක්‍රිකට් සමාජ 24 කට වැඩිය තියෙනවා. කණ්ඩායම් 12 කට වැඩිය තියන්න අවශ්‍ය නැහැ. ඔස්ෙලියාවේ තියෙන්නේ 8 යි. එංගලන්තයේ තියෙන්නේ 18 ක් වගේ ප්‍රමාණයක්. නමුත් ලංකාවේ 24 ක්. මේ ක්‍රීඩා සමාජ අතර හොඳ තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා දිනන්න කියලා නිකම්ම ඇද ගෙන යනවා. එහෙම ක්‍රිකට් ක්‍රීඩා කරන්න බැහැ. දක්ෂයන් මතුවෙන්න නම් තරගකාරිත්වයක් තිබිය යුතුයි. මේ තරග ක්රමයේම තියෙන්නේ විශාල වැරැද්දක්. මිලියන 20 ක ජනගහනයක් සිටින අපේ රටේ එකම ජාත්‍යන්තර ක්‍රීඩාව ක්‍රිකට්. ජාත්‍යන්තර වශයෙන් තරගකාරිත්වයක් එල්ල කළ හැකි පරිදි ලෝක කුසලානයක් දිනපු රටක්. එහෙනම් ඇයි අපිට බැරි වෙන්නේ.
ආණ්ඩුව සමඟ එක්වීමට මුස්ලිම් කොංග්‍රසයට ආරාධනා ලැබුණේ නැද්ද?
එකතු වන්න ආරාධනා මොනවටද? අපිට එකතු වෙන්න තිබුණා. අපි කියන්නේ මැතිවරණයක් තියන්න කියලයි.
ලබන වසර මැතිවරණ වසරක්. මුස්ලිම් කොංග්‍රසය හා සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් පවතීද?
මැතිවරණයක් පවත්වා ජනතා මතය උරගා බැලිය යුතුයි. අද රජය පවත්වා ගෙන යන්නේ කිසිදු ජනවරමක් නැතිවයි. අපි සමගි ජන බලවේගය සමඟයි, දැනට ඉන්නේ. මැතිවරණයකට යාමේදී දිනීමට සන්ධානයක් ලෙස එකතු විය යුුතුයි. සියල්ලටම පෙර මුලින් පැමිණෙන්නේ කුමන මැතිවරණයක් ද යන්න සොයා බැලිය යුතුයි. එදා එකතු වීමට ජනාධිපතිවරයා කළ ආරාධනාව පිළි නොගැනීමට විවිධ හේතු තිබුණා. නමුත් පොහොට්ටුවේ කට්ටියක් සමඟ එකතු වුණොත් අනාගන්න තමයි සිදු වන්නේ. මේ වන විට එහිත් යම් අභියෝගයක් තිබෙන බව පේනවා.
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද?
එය හොඳ දෙයක්.
තැන තැන මුස්ලිම් අන්තවාදීන් මතු වීම සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්රස් පක්ෂයේ නායකයා ලෙස ඔබ ඊට ඉදිරිපත් කරන්නේ කුමන යෝජනා ද?
බොරුනේ. රජය තමන්ට ඕන විදිහට අන්තවාදීන් මතු කර ගනියි. ඕන කෙනෙක් බිල්ලට දෙන්න පුළුවන්. අපි එවැනි දේවල් ගැන අවධානයෙන් ඉන්නවා. අන්තවාදී කතා ප්‍රචාරය කරන්නේ හොර රැළක්. ඒ හරහා තම න්‍යයා පත්‍රය එළියට දානවා. අපි යාන්තමින් ඔළුව උස්සන්නේ විදේශීය සංචාරකයන් නිසානේ. එහෙම කියලා යවන ප්‍රචාරයන්ගෙන් වෙන්නේ සංචාරකයන් ටිකත් ලංකාවට පැමිණීම නැති වීමයි.
සුභාෂිණී ජයරත්න