ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි සාංචි ස්තූප සංකීර්ණයේ වාර්ෂික අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශන මහෝත්සවය නොවැම්බර් 25,26 පැවැත්වීමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමය හා මධ්‍ය ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත.
දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරු තුමාගේ ඉල්ලීමකට අනුව 1952 සිට අඛණ්ඩව පවත්වන මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය හා සාංචි මහාබෝධි මහෝත්සවය 71 වෙනි වරට මෙවර පවත්වන බව දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
සාංචි මහාබෝධි මහෝත්සවයට ලක්ෂයකට ආසන්න ඉන්දීය බෞද්ධයන් ද ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් රැසකින් බැතිමතුන් ද පැමිණෙති.