ජනතාව පිට අධික බදු බර පටවා ඇති බවත් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි ආණ්ඩුව නොසිතන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. එසේම මෙවර අය වැය ඉදිරිපත් කරන්නේ රට විශාල ලෙස බංකොලොත් වී ඇති අවස්ථාවක බව පෙන්වා දුන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ජනතාවට දරාගත නොහැකි ලෙසින් බඩු මිල ඉහළ ගොස් ඇති බවයි. රාජ්‍ය සේවකයන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා ඇති බවත් පැවසූ ඔහු පෙන්වා මෙවර අය වැයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවයි. අය වැය ආසන්නයේ වැට් බද්ද 15% සිට සියයට 18%ක් දක්වා වැඩි කළ බවද ඔහු පෙන්වා දුන්නේය. ඊට අමතරව විදුලි ජල ගාස්තු මෙන්ම ඉන්ධන මිල ද වැඩි කර ඇති බවත් ජනතාවගේ වැටුප් වැඩි නොකළ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සුභද්‍රා දේශප්‍රිය
332
previous post