851
ජනතා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රජයට අවශ්‍ය ලෙස හැසිරවීමට පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි. මාර්ගගත ක්‍රමවල (ඔන්ලයින්) සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය පැවසුවේ මෙවන් පනතක් ගෙන ඒම නොවන බවත් පළමුව කමිටුවක් මඟින් නිවැරැදි දේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව පැවසුවත් සිදුව ඇත්තේ එය නොවන බවද ඔහු පැවසුවේය. රජය එක්වරම පනතක් ගෙනවිත් එය සාකච්ඡාවට පවා භාජන නොකර ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයට තම පක්ෂය විරුද්ධ බව ද ඔහු පෙන්වා දුන්නේය.
සුභද්‍රා දේශප්‍රිය