Home » ක්‍රිකට් අර්බුදයෙන් රට අරාජික කිරීමේ වෑයමක්

ක්‍රිකට් අර්බුදයෙන් රට අරාජික කිරීමේ වෑයමක්

දේශප්‍රේමී එ.ජා.පයේ ප්‍රධාන ලේකම්

by Mahesh Lakehouse
November 11, 2023 12:36 am 0 comment

ජනතාවගේ ආර්ථික අපහසුතා උපයෝගී කර ගනිමින් ජනතාව විදුලි බිලට, තෙල් මිලට, ගෑස් මිලට එරෙහිව මහපාරට ගෙන ඒමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසුව එම බලවේග විසින් නැවතත් රට අරාජික කිරීමට ක්‍රිකට් අර්බුදය හරහා උත්සාහ ගන්නා බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ පරිදිම විධායකය – ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය රජය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් ද නැවත කරළියට පැමිණ ඇති බව ඔහු පෙන්වා දෙයි. රටේ ආර්ථිකයට අස්වැසිල්ලක් වන සංචාරක කර්මාන්තයේ විශේෂිතම සමය තවත් සති කිහිපයකින් ඇරැඹීමට නියමිත අතර ක්‍රිකට් අර්බුදය හරහා පාරවල් වසන විට ජනතා උද්ඝෝෂණ ලෝකය පුරා ප්‍රචාරය වන විට ඇතැම් රටවල් ලංකාව පිළිබඳව අවවාදාත්මක නිවේදන නිකුත්

කිරීමට පටන්ගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division