Home » රාජ්‍ය සේවයේ ලක්ෂ 14කගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවයේ ලක්ෂ 14කගේ වැටුප් ඉහළට

by Mahesh Lakehouse
November 11, 2023 12:37 am 0 comment
තාරක වික්‍රමසේකර

මෙවර අය වැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් කටයුතු කරනු ලබන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය.

වෙනත් අය වැය මෙන් නොව මෙවර අය වැයට පෙර ජනතාවට සහනයක් ලබා දෙන බවට ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදු කළ බවත් සැලසුම් ස්ථාවර වන සහනදායි වැඩපිළිවෙළක් මෙවර අය වැය හරහා සිදු කරනු ලබන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව 13,94,000ක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා විසින් අය වැය කතාවේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබන බව ද පෙන්වා දුන් ඇමැතිවරයා කීවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මේ අනුව වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් දැනුවත් කරනු ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division