අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන්න
– ජනාධිපති
පසුගිය වසර දෙක තුළදී අප මුහුණ දුන්නේ ඉතා අඳුරු සමයකට බවත් එම ඝන ඳුර පලවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දීපාවලි උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටී.
අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් සතුටින් ශුභාශිංසන එක්කරන බවය. වැඩි දුරටත් එම පණිවුඩයේ මෙසේද දැක්වේ.
සශ්‍රීකත්වයේ පහන් එළි රට තුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.
අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන සුබ දීපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොව පුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමමි.
භේද පසෙකලා එක්සත්ව කටයුතු කරමු
– අගමැති
දීපාවලියේ සැබෑ අර්ථය හදවතට ධාරණය කර ගන්නේ නම් පොදු යහපත වෙනුවෙන් එකාවන්ව කටයුතු කර මේ අභියෝගාත්මක කාලය ජයගත හැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන දීපාවලි උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටී.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. සමස්ත ලෝකයේ අයහපත නම් අඳුර පලවා හැර යහපත නම් ආලෝකය පතුරවනු වස් ලොව පුරා හින්දු බැතුමත්හු පහන් දල්වා දීපාවලි දිනය සමරන්නේ ඉමහත් බැතියෙනි.
” සකල භේද පසෙකලා පොදු හැඟුමකින් කටයුතු කළ යුතු අවස්ථාවකට අද අප එළැඹ ඇත.
අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් කරන දීපාවලි අර්ථවත් කරමින් සැමට සාමය සෞභාග්‍යය පතමි.