ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් මහරගම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මහරගම මධ්‍ය මහා විද්‍යාලයට ඇත්තේ අනෙකුත් විදුහල්වලට වඩා විශේෂ ඉතිහාසයක් බව ඒ පිළිබඳ කරුණු සොයා බැලීමේදී හෙළි වේ. 1936 දී වර්තමාන තර්ස්ටන් විද්‍යාල භූමියේ ඊට අනුබද්ධිත අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව එවක යුද කඳවුරක්ව පැවති මෙම භූමි භාගයේ ඉදිකර තිබූ ගොඩනැඟිලි වෙත රැගෙනවිත් තිබේ. (දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති සමයේ මෙම භූමිය තුළ හමුදා කඳවුරට අමතරව ආයුධ ගබඩාවලින් යුත් බිම් ගෙවල් ද නිර්මාණය කර තිබූ බවට සාධක හමු වේ.) එලෙස 1949 වර්ෂයේ ජනවාරි මස 15 වැනි දින මෙම විද්‍යාලය මහරගම නගරයට රැගෙන ඒමෙන් පසු මහරගම ගුරු විදුහලේ ප්‍රායෝගික විද්‍යාලය (Practical School) ලෙස පවත්වා ගෙන ගොස් ඇත.
1978 වර්ෂයදී මෙම විද්‍යාලය කිසියම් සන්ධිස්ථානයක් සලකුණු කරන්නේ ආරම්භයේදී 157ක්ව පැවති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 750ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉතා කෙටි කාලයක් තුළ සමත් වූ නිසාය. එවක එම සංඛ්‍යාව විශාල අගයක් ලෙස ගිනිය හැකිය. මෙලෙස ආරම්භයේ පටන් පාසල් පද්ධතිය තුළ සිදු වූ විවිධ වෙනස්කම් හා කාලීනව මතු වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එවක අධ්‍යාපන ලේකම්වරයා විසින් 1986/08/25 දිනැති ලිපිය මඟින් මෙම විද්‍යාලය බප/ ජය/ මහරගම මධ්‍ය මහා විද්‍යාලය නමින් ප්‍රකාශයට පත් කර තිබේ. මහරගම මැතිවරණ බල ප්‍රදේශයට අයත් එකම මධ්‍ය විද්‍යාලය වන මෙම විද්‍යාලයට අයත් භූමි ප්‍රදේශය අක්කර 03 කුත් රූඩ් 02 ක් පුරා විහිදී ඇත. දැනට ශිෂ්‍ය සංඛ්‍යාව 1502ක් පමණ වේ. 6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ කලා, වාණිජ, ගණිත, විද්‍යා හා තාක්ෂණවේදය යන අංශවලින් සමන්විතය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වර්ගීකරණය අනුව 1AB පාසලක් ලෙස මෙය නම් කර ඇත.
ආරම්භයේ සිටම සෞන්දර්ය විෂයයන් මෙන්ම ප්‍රායෝගික විෂයයන් සඳහා ද පූර්ණ සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් සිටි පාසලක් වූ බව මෙහි ඉතිහාසය සාක්ෂි දරයි. මහරගම ප්‍රදේශයේ ඇති පාසල් අතරින් එකවර දහසකට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි රංග ශාලාවක් මෙම පාසල සතු වීම ද මහඟු දායාදයකි. විද්‍යාලයීය වැඩ සටහන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවලටද මේ තුළින් ලැබෙන්නේ නොමද සහයෝගයකි. විද්‍යාලයේ භාෂා අංශය තුළ දෙමළ, ඉංග්‍රීසි පමණක් නොව ජපන් ආදී විදේශ භාෂා ද එක ලෙස හැදෑරීමට පහසුකම් සලසා දී තිබේ. විද්‍යා විෂය සඳහා උසස්පෙළ දක්වා පන්ති පැවැත් වුවද මෙහි විද්‍යාගාරයක් නොමැති වීම ප්‍රධාන අඩුපාඩුවකි.
වර්තමානයේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ එන්.ඩි.සි. ජයංගනීය. ඇය 2017 සැප්තැම්බර් මස 27 වැනිදා වැඩ භාරගත් දින සිට කාලය වෙන් වූයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කෞෂ්‍යලයන් මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් තුළින් දරුවන් ඉදිරියට ගැනීමටය. ඇය විදුහල්පති සේවය පළමු ශ්‍රේණියේ විදුහල්පතිනියකි. ඇයගේ නායකත්වය මත 2017 වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) සියයට 68ක් වූ විභාගය සමත් ප්‍රතිශතය 2018 වර්ෂයේදී සියයට 88ක් දක්වා වර්ධනය වූ අතර, ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සමස්ත ප්‍රථිපලය තුළ එය සියයට 20ක වර්ධනයක් පෙන්නුම් කරමින් කුසලානයට ද හිමිකම් කීවාය. එසේම 2017 වර්ෂයේ සියයට 22ක්ව පැවති සමස්ත උසස් පෙළ ප්‍රතිපලය 2022 වර්ෂයේ වන විට සියයට 74ක් දක්වා වර්ධනය කර ජයවර්ධනපුර කලාපයේ උසස් පෙළ ප්‍රතිථල අතර , දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර, විෂය සමගාමී කටයුතු අතර 2023 වර්ෂයේ පැවති සමස්ත ලංකා ඉංග්‍රීසි නාට්‍ය (ජ්‍යේෂ්ඨ) දෙවන ස්ථානය ලබා ගැනීමට ද සමත් විය. එම වර්ෂයේම පෙරදිග වාද්‍ය වෘන්දය බස්නාහිර පළාත් දෙවන ස්ථානය හිමිකරගත් අතර 12 ශ්‍රේණියේ තාක්ෂණය අංශයේ ඉගෙනුම ලබන සිනෙත් දෙව්නද නව නිපැයුම් සුපර් හීරෝ තරගාවලියේ අවසාන වටය දක්වා සුදුසුකම් ලැබීය. මීට අමතරව සමස්ත ලංකා ජාතික මට්ටමේ තරඟය හා නිර්මාණාත්මක භූමි දර්ශන චිත්‍රනය තුළින් ද ජයග්‍රහණ හිමිකරගෙන ඇත.
ශ්‍රී ලයන්ස් බස්නාහිර පළාත් රග්බි තරගාවලියේ පළිහ ශූරතාවය දිනා ගැනීම, 34වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ අනු ශූරතාවය දිනාගත් බාලිකා පාපන්දු කණ්ඩායම තුළ පාසල් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නියෝජනය කිරීම, බස්නාහිර පළාත් බාලිකා පාපන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර බාලිකා පාපන්දු ශූරයන් ලෙස සුදුසුකම් ලැබීම, බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීම සහ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ජයවර්ධනපුර ශූරතාවය දිනා ගැනීම මෑතකදී ලබාගත් ජයග්‍රහණ ලෙස සදහන් කළ හැකිය.
මීට අමතරව පාසල තුළ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය, තූර්ය වාදක කණ්ඩායම, රතු කුරුස සංගමය, බාලදක්ෂ සංගමය, රිය නියාමක කණ්ඩායම, මාධ්‍ය ඒකකය, නව නිපැයුම් සංගමය, බෞද්ධ සංගමය , විවාද කණ්ඩායම් සහ මලල ක්‍රීඩා, වොලිබෝල්, පාපන්දු, රග්බි, ක්‍රිකට්, චෙස්, බැඩ්මින්ටන්, කරාතේ, නෙට්බෝල් ආදී අංශයන් තුළින් ද දක්ෂතාවය දක්වන සිසුහු බොහෝ සිටිති. කොතෙකුත් ක්‍රීඩා ජයග්‍රහණ හිමිකරගෙන තිබුණ ද විධිමත් පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාංගනයක් පාසල තුළ නොමැති වීම විශාල අඩුපාඩුවකි.
සිසු දරුවන්ගේ, දැනුම්, ආකල්ප මෙන්ම නිර්මාණාත්මක දක්ෂතා ඔප් නැංවීම සඳහා පූර්ණ හැකියාවෙන් යුක්ත ආචාර්ය මණ්ඩලය ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද පාසලේ ප්‍රගමනයට ලබා දෙන්නා වූ ශක්තිය ඉමහත්ය. මේ වන විට විද්‍යාලයෙහි 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති කාමර 32ක දූ දරුවන් ශිල්ප ශාස්ත්‍ර හදාරන අතර 78ක් වූ ගුරු මව් පියවරු ඒ සදහා මඟ පෙන්වති.
මෙහි කලා, වාණිජ, විද්‍යා තාක්ෂණ හා ගණිත අංශයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට ඉඩහසර විවරව ඇත. එමෙන්ම 12 සහ 13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නැංවීමේ රජයේ වැඩ පිළිවෙළ අනුව 13 ශ්‍රේණිය දක්වා වූ අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය පාසල තුළ සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර ඒ සඳහා පුහුණු වූ ගුරු භවතුන් ද පාසලට ලැබී ඇති අතර, 2018 වර්ෂයට අදාළ පළමු ශිෂ්‍ය කණ්ඩායම් මේ වන විට විවිධ ආයතනයන්හි වෘත්තීය පුහුණුව සඳහා යොමු කර ඇත.
රසික කොටුදුරගේ, ඡායාරූප - නිශ්ශංක විජේරත්න