Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
November 11, 2023 12:28 am 0 comment

ජයන්තා නාරංගොඩගෙන් නිස්සරණ

කෘතිය – නිස්සරණ
කර්තෘ – ජයන්තා නාරංගොඩ
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශන
මිල රු. 1,600/=
පිටු ගණන – 520 දුර : 071 440 2504

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මහා බ්‍රිතානයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය සම්පූර්ණ කොට එවකට පැවති සිවිල් සේවාව සඳහා ලංකාවට පැමිණි එඩ්ගා නමැති සුදු තරුණයකු හා උඩරට ප්‍රභූ පවුලක සිංහල තරුණියක් අතර ඇතිවන ආදර බැඳීමක් වස්තු විෂය කරගත් මෙම නව කතාව, නූතන නවකතාවල නිතරම පාහේ අප දකින සමාජ ප්‍රස්තුතයට වඩා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කර ඇති බව පෙනේ.

නවකතාවේ එන ප්‍රධාන චරිත දෙක හැදී වැඩී ඇත්තේ එකිනෙකට හාත්පසින් වෙනස් සමාජ පසුබිම් තලයන් තුළය. මීට ශතවර්ෂයකට පමණ පෙර පැවති තත් සමාජ පරිසරය හා ජන ජීවිතය ගෝචර කරගනිමින් විකාශනය වන යට කී ආදර අන්දරය තුළ මෙම චරිතවල චර්යා රටා ඒ පසුබිමට අනුව මනා ලෙස තුලිත කර ගොඩනගා ඇත්තේ ඉතාමත් තාත්වික අයුරිනි.

පරිසරය හා සබැඳිව කරන නේක විධ වර්ණනාවන් සඳහා සුඛනම්‍ය වූත් සුගමවූත් මටසිලිටි බස් වහරක් භාවිතා කරන ඇය මිනිස් හැඟීම් හා අත්දැකීම් ප්‍රකාශනයේදී පාඨක සිත් සතන් තුළ සියුම් කම්පනයක් මතු කරන අකාරයේ රචනා විලාසයක් දක්වයි.

සරල ආදර පුවතක් වස්තු බීජය කරගෙන ගැඹුරු ජිවන අරුතක් මතු කරන්නට කතුවරිය දක්වා ඇති නිර්මාණ කෞශල්‍යය අගය කළ යුතුය. නවක කතුවරියක්ය යන කරුණ පාඨකයාට නොහැඟෙන තරමටම තම කුළුඳුල් කෘතිය රචනා කරන්නට ඈ පත්ව ඇත.

මෙම නවකතාව පරිශීලනය කරන පාඨකයකු තුළ උද්දීපනය වන ශෝක බරිත සංවේගය හා රසය පාඨක නෙත’ඟ කඳුලක් රඳවන තරමටම පාඨක හදවත තුළ ඇති කරන කම්පනය, කෘතිම ලෙස මවා පෙන්වන අවිචාර උත්තාපයකට වඩා බෙහෙවින් ගැඹුරු වූවකි.


A Shining Star

කෘතිය -A Shining Star
කර්තෘ – Freeda Villavarayan
ප්‍රකාශනය – සී/ස ඇස්. ගොඩගේ සහ
සහෝදරයෝ මිල – රු 1650
පිටු ගණන-332 දුර: +141 633 502 45

මෙම නවකතාව ගෙතී ඇත්තේ ගැමි දරුවන් සමඟ පාපන්දු ක්‍රීඩා කිරීමට අතිශයින්ම ඇලුම්කමක් දැක්වූ උසස් රාජ්‍ය නිලධාරිනියක වටාය. ආදර්ශමත් වැඩිහිටි සොහොයුරියක ලෙසින් මෙම ගැමි දරු කැලට යහපත් ගති පැවැතුම් වටහා දීම තමාගේ වගකීම යැයි වටහා ගත් ඇය තම ජිවින ගමනේදී විවිධ සංකූලතාවයන්ට මුහුණ දිය යුතු බැවින් සතුට හා සිත්තැවුල් මැද වුවද ධෛර්යයෙන් ජිවිතයට මුහුණ දෙමින් තම අධ්‍යාත්මක සතුට සොයා යන ගමන මෙම නවකතාවෙන් නිරුපනය වෙයි.


ජීවිතය කවියක්

කෘතිය – ජීවිතය කවියක්
කර්තෘ – ඩී. ඒ.ටී. ඩී දේවසිංහ
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි
මිල- රු 850 පිටු ගණන – 133
දුරකතනය – 071 6026093

මෙම නවකතාව ගෙතී ඇත්තේ ගැමි දරුවන් සමඟ පාපන්දු ක්‍රීඩා කිරීමට අතිශයින්ම ඇලුම්කමක් දැක්වූ උසස් රාජ්‍ය නිලධාරිනියක වටාය. ආදර්ශමත් වැඩිහිටි සොහොයුරියක ලෙසින් මෙම ගැමි දරු කැලට යහපත් ගති පැවැතුම් වටහා දීම තමාගේ වගකීම යැයි වටහා ගත් ඇය තම ජිවින ගමනේදී විවිධ සංකූලතාවයන්ට මුහුණ දිය යුතු බැවින් සතුට හා සිත්තැවුල් මැද වුවද ධෛර්යයෙන් ජිවිතයට මුහුණ දෙමින් තම අධ්‍යාත්මක සතුට සොයා යන ගමන මෙම නවකතාවෙන් නිරුපනය වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division