Home » ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 3වැනි භාවයේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 3වැනි භාවයේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

3වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 1වැනි භාවයට සම්බන්ධනම් යහපත් සහෝදර බැඳීම්

ක්‍රිෂණ්මූර්ති පද්ධතියට අනුව ජන්ම පත්‍රයක පලාපල කථනය සම්බන්ධයෙන් ජන්ම පත්‍රයක 3 වැනි භාවය විශ්ලේෂණය කිරීමේදී මෙම භාවයට නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය මෙසේ වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2010 මාර්තු මාසයේ 29 වැනි දින රාහු ග්‍රහයාගේ මහ දශාව ගෙවී, ගුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වී ඇත. ගුරු ග්‍රහයාගේ මහ දශාව 2026 මාර්තු මාසයේ 29 වැනි දින දක්වා පවතියි.

මේ ගුරු ග්‍රහයාගේ මහ දශාවේ ගුරු ග්‍රහයාගේ භුක්තිය 2012 මැයි මාසයේ 16 වැනි දින දක්වා පැවතියේය. ගුරු ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය 2014 නොවැම්බර් මාසයේ 27 වැනි දින දක්වා පවතියි.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා 3 වැනි සහ 10 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය.

මෙම සිකුරු ග්‍රහයා බුධ ග්‍රහයා හිමි රාශියක සහ සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. මෙම නක්‍ෂත්‍රය අධිපති සඳු ග්‍රහයා 12 වැනි භාවය හිමිව 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය. ඒ අනුව සිකුරු ග්‍රහයාගේ නිවේදකත්වය 3, 10, 1, 12 සහ 5 වැනි භාවවලට යෙදෙයි.

ජන්ම පත්‍රයක 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 1 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා ස්වකීය සහෝදරාදීන් සමඟ යහපත් සම්බන්ධතාවයන් පවත්වාගෙන යයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 3 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් යහපත් සතුරන් පරදවා ජය ලබයි. ගමන් බිමන්වලට ප්‍රිය කරන අයෙකි. කෙටි ගමන්වල යෙදෙන අයෙකි. සහෝරාදීන් සහ අසල්වාසීන් සමඟ එකමුතුය.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා පහසුවෙන් මුදල් උපයන අතර ඉතා පහසුවෙන් වෘත්තියේ උසස් තත්ත්වයකට පත් වෙයි. ගෞරව සහ උසස්වීම් ලබයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් වෛද්‍ය විද්‍යාව මඟින් සහ ගුප්ත කටයුතු මඟින් සාර්ථක ප්‍රතිඵල ලබයි. නීත්‍යානුකූල කටයුතුවලට යොමුවී ලාභ සහ ප්‍රයෝජන ලබයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division