Home » කතරගම දේව පිහිට ලැබෙන අති ප්‍රබල වතාවතක් මෙන්න!

කතරගම දේව පිහිට ලැබෙන අති ප්‍රබල වතාවතක් මෙන්න!

by Mahesh Lakehouse
November 11, 2023 12:33 am 0 comment

– ශ්‍රී ස්කන්ධ කුමාර ස්තෝත්‍රය දිනකට වරක් සජ්ඣායනා කිරීමෙන් කතරගම දෙවියන්ගෙන් උපරිම පිහිට ලැබේ
– කතරගම දේව ප්‍රතිමාවක් ඉදිරිපිට රතු මල් සහ පැන් බඳුනක් තබා මේ ස්තෝත්‍රය කියමින් පිහිට ඉල්ලන්න

කතරගම දෙවියන් පිළිබඳව ලියැවෙන මෙම ලිපි මාලාවේ පස්වැන්නෙන් මෙවර ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ උන්වහන්සේගේ පිහිට ආධාරය නොඅඩුවම ලැබෙන තවත් අතිශයින්ම දුර්ලභ රහස් ක්‍රමවේදයක් ගැනයි. උන්වහන්සේගේ ආකර්ෂණය ලබා ගැනීම පහසු කාර්යයක් නොවේ. එහෙත් මෙහි සඳහන් වන ක්‍රමවේදය තුළින් ඉතාම පහසුවෙන් ඔබට උන්වහන්සේගේ ආකර්ෂණය ලබාගත හැකිය. ශ්‍රී විෂ්ණු, සුමන සමන් වැනි අති ප්‍රබල තේජස් ඇති දෙවි කෙනෙකි. කතරගම දෙවියන් උන්වහන්සේගෙන් උදෑසන දහවල සන්ධ්‍යා යන ඕනෑම වේලාවක පිහිට ආධාරය අපේක්ෂා කළ හැකිය. මූලිකවම අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සැබෑ භක්තිකයකු වීම පමණි. ඊට අදාළ වත්පිළිවෙත් පිළිබඳව මා විසින් පෙර ලිපිවලින් ඉදිරිපත් කෙළෙමි. එයින් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. දවසේ ඕනෑම වේලාවක උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබීම සඳහා වූ මහා බලගතු බලයක් ඇත්තේ වෙනත් දෙවිවරුන්ට වඩා උන්වහන්සේට මහා බලගතු පරිවාර සම්පත්තියක් ද ඇති නිසාය.

උන්වහන්සේගේ පරිවාර දේව සමූහයා වන්නේ කඩවර දෙවිඳු, රත්න කම්බිලි, අඹන්වල රාල දෙවිඳු, පරකාස දෙවිඳු, වාහල බණ්ඩාර දෙවිඳු, රිදීගම කුමාර බණ්ඩාර දෙවිඳු, දහනක බණ්ඩාර දෙවිඳු, නාමල් කුමරු දෙවිඳු, පනම් බණ්ඩාර දෙවිඳු, ගැටබරු කන්දේ බස්නාහිර දෙවිඳු, චන්දන කුමාර දෙවිඳු, සිද්ධ පරකාස දෙවිඳු, සෙණකඳ බිසෝ, බිසෝ බණ්ඩාර දේවිය, සිද්ධ සුනීයම් දෙවිඳු, දේවතා බණ්ඩාර දෙවිඳු, අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවිඳු යන දෙවි දේවතාවෝය. මෙම දෙවිවරු උන්වහන්සේගේ පරිවාර දෙවිවරු ලෙස කටයුතු කරනා අතර ජයසේන යක්ෂාධිපතියා ප්‍රමුඛ යක්ෂ යක්ෂණියන් මෙහෙකරුවෝ ලෙස කටයුතු කරන බව සඳහන්ය.

උන්වහන්සේට ඒ ආකාර පරිවාර සම්පත්තියක් සිටින නිසාම නර ලොව නරයන්ගේ දුක කන්නලව්ව දිව සවනට ඇසුණු සැණින්ම මහා බලගතු ලෙස ඔවුන් වෙත පැමිණ සෙත ශාන්තිය උදාකර දෙන බව නම් සහතිකය. උන්වහන්සේගේ නිබඳ ආකර්ෂණය ලබා ගැනීමේ හැකියාව ඇති පහත සඳහන් ක්‍රමවේදය ඔබත් අත්හදා බලන්න. එයින් ඔබට ඔබ නොසිතූ ලෙස උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබෙනු ඇත.

ඉහත සඳහන් ස්තෝත්‍රය දිනකට එක්වර කීම ප්‍රමාණවත්ය. විහාරස්ථානයක හෝ තම නිවසේ වන්දනාමාන කරන කතරගම දේව පිළිරුවක් අබියස රතු මල් මිටක්, පැන් බඳුනක් තබා සුවඳ දුම් දී පහනක් දල්වා දිනපතා මෙම කාර්යයෙහි නියැළෙන විටදී ඔබට කතරගම දෙවියන්ගේ ආකර්ෂණ බලය ලැබෙනු ඇත. ඔබගේ සිතැඟි සහ ඔබට අවශ්‍ය කාරණාව උන්වහන්සේ ඉදිරියේ කියා සිටීමෙන් ඔබ නොසිතූ ලෙස උන්වහන්සේගේ කරුණා ගුණ මහිම පිහිට ලැබෙනු නිසැකය.

කල් නොගොස් උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබීම සඳහා ඔබ ප්‍රතිපත්තිගරුක පන්සිල් රකිමින් නිතර පිනට දහමට ළැදිව කරුණා මෛත්‍රී ගුණයෙන් යුතුව ඔබේ ජීවිතය ගෙන යාමෙන් ඔබට කතරගම දෙවියන්ගෙන් ඉතා විස්මිත ප්‍රතිඵල නොඅඩුවම ලබාගත හැකිය.

ශ්‍රීමත් ශ්‍රී කතරගම කන්ද ස්වාමීන් වහන්සේගේ අපිරිමිත තේජස් භාවය පිළිබඳව ඔබටම අත්දැකිය හැකි ඉතා පහසු ක්‍රමවේදයක් වන මෙය නොකඩවා දින කිහිපයක් සිදුකර ප්‍රතිඵල අත්විඳින්න. මෙවැනි සුවිශේෂි ක්‍රම පිළිබඳව දැනගෙන සිටීමෙන් ඔබට ඔබගේ ජීවිතයේ ඕනෑම මොහොතක පැන නගින ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කතරගම දෙවියන්ගේ උදවු උපකාර ලැබෙන අතරම මානසික සාධක ආත්ම ශක්තිය ඒකාන්තයෙන්ම ගොඩ නැඟෙනු නියතය.

වසර 30කට අධික කාලයක් උන්වහන්සේ හා සබැඳිව කටයුතු කිරීම සහ දශක පහළොවක මගේ පාරම්පරික අත්දැකීම් මත ඉතා බැති සිතින් යුතුව ඉසිවර පාඨක ඔබ හමුවේ තබන මෙම වටිනා තොරතුරු ජීවන ගමනේදී කොතැනකදී හෝ ඔබට වැදගත් වනු ඇත.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division