අතීතයේ සිටම රාහු කාලය බලපවත්නා කාලය පිළිබඳව ලිත් පොත්වල සඳහන්ව ඇත. රාහු කාලය තුළ සුබ වැඩ අත්හළ යුතුයැයි කියා තිබෙන බැවින් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි. එහෙත් ඇතැමෙකුට එහි අපැහැදිලි අවස්ථා මතු වන බැවින් ඒ පිළිබඳව දැනුවත් කරනු පිණිස මේ ලිපිය ලියන්නට අදහස් කළෙමි.
දිවා රාත්‍රී දෙකටම සතියේ දින 7හි රාහු කාලයක් යොදා ඇත. ආචාර්ය රෝහන් සිසිර කුමාරගේ ‘ජ්‍යොතිෂ පිවිසුම දෙක‘ පොතෙහි රාහු කාලයට අයත් කාල ප්‍රමාණය පැය 1 විනාඩි 30 ක් පමණ වේ යැයි සඳහන් කර ඇත. එහි දැක්වෙන රාහු කාල චක්‍රය පහතින් දක්වා ඇත.
ඉරිදා දිනවල සවස 04.30 – 6.00 දක්වා
සඳුදා දිනවල උදේ 07.30 – 9.00 දක්වා
අඟහරුවාදා සවස 03.00 – 4.30 දක්වා
බදාදා දිනවල දවල් 12.00 – 1.30 දක්වා
බ්‍රහස්පතින්දා දවල් 1.30 – 3.00 දක්වා
සිකුරාදා දිනවල උදේ 10.30 – 12.00 දක්වා
සෙනසුරාදා උදේ 09.00 – 10.30 දක්වා
පොදුවේ දක්වා ඇති මෙම කාල පරාසයක් කලින් කලට දිනෙන් දිනට හිරු උදාවේ සිදුවන මිනිත්තු ගණනක වෙනස්කම් අප එදිනෙදා පළ කරන රාහු කාලයන් තුළ දක්නට ලැබෙයි. මෙහිදී ඉරිදා සහ අඟහරුවාදා දිනවල දහවල් රාහු කාලය යෙදෙනුයේ සවස් කාලයේ බවත් එම රාහු කාලය නැවත රාත්‍රියට යෙදෙන විට අලුයම් කාලය එළඹෙන බවත් සැලකිය යුතුය. එය තේරුම් ගැනීම ඇතැමෙකුට ගැටලුවක් වී ඇති බවත් අපි දන්නෙමු.
එහෙත් ජ්‍යොතිෂයේ දවසක් යනු පෙර දින ඉර පෑයූ වේලාවේ සිට පසුදා ඉර පායන තෙක්ය. එබැවින් ඉරිදා රාත්‍රියට යෙදෙන රාහු කාලය ඉරිදා උදය කාලය ලෙස ගණන් නොගැනේ. එය සඳුදාට ද අයත් නොවේ. සඳුදා ඉර පෑයූ පසු එදිනට වෙනම රාහු කාලයක් වෙන් කර ඇත. අඟහරුවාදා දිනටද එසේමය.
ඒ අනුව බලන කල සතියේ දින කීපයකටම උදේ වරුවේ රාහු කාලයක් නොයෙදේ. ඉරිදාටද නැත. සතියේ සඳුදා සිකුරාදා සෙනසුරාදා දිනවල පෙරවරුවේ රාහු කාලය යෙදුණත් අනෙක් දවස් හතරේම යෙදෙනුයේ පස්වරුවේය. එවිට එම රාහු කාලය නැවත රාත්‍රියට යෙදෙනුයේ මධ්‍යම රාත්‍රියේ හෝ අලුයම් කාලයේය.
ඉහත සටහනට අනුව ඔබට රාහු කාලය පිළිබඳව යම් ගැටලුවක් පැවතුනේ නම් එහි නිවැරදිතාව අවබෝධ වන්නට ඇතැයි සිතමි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ