Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Early Cash’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Early Cash’ හඳුන්වා දෙයි

by gayan
November 11, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) ඉකුත් 24වැනි දා ‘Early Cash’ නමින් අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි ජීවිත රක්ෂණ සැලැස්ම පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබීය.

‘Sri Lanka Insurance Life Early Cash’ පුළුල් වෙළඳපොළ අධ්‍යනයක ප්‍රතිඵලයක් වන අතර මෙම ‘Early Cash’රක්ෂණ සැලසුම යටතේ වාරික ගෙවන අතරතුර අවස්ථා 2කදී රක්ෂිත මුදලේ වටිනාකමින් 50% දක්වා මුදල් පුර්ව ප්‍රතිලාභ ලෙස නැවත ලබාගත හැක. (අවුරුදු 10ක සැලසුමකට 50%ක්ද අවුරුදු 15/20 සැලසුමකට 40%ක් ද වේ.) එසේ කලින් මුදල් ලැබුණ ද මුළු රක්ෂණ මුදලටම බෝනස් ගණනය කරනු ලබන නිසා ඔප්පුව කල්පිරීමේදී විශාල බෝනස් මුදලක් ලබා ගැනීමට හැකිවේ. එමෙන්ම අසාධ්‍ය රෝග ආවරණය, රෝහල් ගතවීම් ආවරණය, අතිරේක ජීවිත ආවරණය, ඇතුළු තවත් ආවරණ රැසක් ලබා ගැනීමේ හැකියාව තිබේ. එසේම රක්ෂිතයා හදිසියේ අභාවයට පත්වුවහොත් පෙර ලබා ගත් මුදල් නොසලකා මුළු රක්ෂිත මුදලත් එයට හිමි බෝනස් මුදලත් යැපෙන්නන්ට හිමි වේ. වයස අවුරුදු 18ත් 60ත් අතර ඕනෑම අයෙකුට රක්ෂණ ඔප්පුව විවෘතව පවතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division