Home » ශක්තිමත්ම බැංකුව කොමර්ෂල් බැංකුවයි

ශක්තිමත්ම බැංකුව කොමර්ෂල් බැංකුවයි

by gayan
November 11, 2023 12:30 am 0 comment

ඒෂියන් බෑන්කර් සඟරාවේ මවු සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම්වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන්නේ ද කොමර්ෂල් බැංකුවයි.

මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පවසන්නේ “ඔරොත්තු දීමේ හැකියාව නිරූපණය කරන ‘ශක්තිය’ මූල්‍ය ආයතනයකට වඩාත්ම වැදගත් දර්ශකයක් වන අතර එය අද ශ්‍රී ලාංකේය සන්දර්භය තුළදී වඩාත් අනුකූල වන බවයි. මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 957ක් ක්‍රියාත්මක කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division