Home » Varun Beverages Lanka ලෝක ළමා දිනය සමරයි

Varun Beverages Lanka ලෝක ළමා දිනය සමරයි

by gayan
November 11, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන Varun Beverages Lanka (Pvt) Ltd විසින් පසුගිය ඔක්තෝබර් පළමුවැනි දාට යෙදී තිබුණු ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පවත්වන ලදී. 5S කණ්ඩායම සංවිධානය කළ මෙම උත්සවයේදී සමාගමේ සාමූහිකත්වය පෝෂණය කරමින් ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම ආදී අරමුණු රැසකින් සංවිධානය වී තිබිණි.

විනෝදාත්මක හා අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලින් පිරුණු මෙම උත්සවයට සමාගමේ කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක් විය. මෙහිදී 5S කණ්ඩායමේ ලේකම් රනිල් සිල්වා උත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් ප්‍රකාශ කළේ. Varun Beverages Lanka (Pvt) Ltd. සාර්ථකත්වයේ පදනම වන කාර්යමණ්ඩලයේ, සතුට සහ සංවර්ධනය ඉතාමත් වැදගත් බවයි. 5S මූලධර්ම පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද ක්‍රීඩා, ප්‍රශ්න විචාරාත්මක තරඟ, කථික තරඟ ඇතුළු විවිධ තරඟ රැසක් ද සංවිධානය කර තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division