Home » පාසල් වියේ සිටම සංගීතයට පෙම් බැඳි මයන්ත කාවින්ද

පාසල් වියේ සිටම සංගීතයට පෙම් බැඳි මයන්ත කාවින්ද

by Mahesh Lakehouse
November 4, 2023 12:28 am 0 comment
නිසංසලා සංගීතා සමරතුංග

“මහමෙර සසැලෙයි නුඹ හෙළු සුසුමන් ට
අහසක් හැඬුවා වගේයි ඔබ හෙළු දා බිඳට..”

අප්‍රමාණ වූ පිය සෙනෙහසට පිදුණ ගීතමය උපහාරය ‘නිහඬ විඩාව’ ලයාන්විතව ගයන්නේ සුනීර සුමංගයි. අරුත්බර පබැඳුමේ හිමිකරුවා වන්නේ තිලක් එස් මුදුන්කොටුවයි. එම ගීතයට සියුම් තනුවක් යොදමින් හෘදය සංවේදී ලෙස සංගීත අධ්‍යක්ෂණය කළ මයන්ත කාවින්ද වීරසේකරයි.

ඔහු සංගීතයෙ මුල් අකුර කියවන්නෙ පාසල් වියේදී යි.

“මම ඉගෙනත්තෙ කොළඹ අශෝක විද්‍යාලයේ. හය වසරෙදි තමයි සංගීතය හදාරන්න පටන් ගත්තෙ. ඉස්කෝලෙ කාලෙ ඉඳලම සින්දු හැදුවා සහ ගායනා කළා. තරඟ වලටත් සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.”

පාසල් කාලයෙන් අනතුරුව ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව සංගීත අංශයේ වැඩකටයුතු කළ ඔහු රූපවාහිනී නාලිකා සංවිධානය කළ ගායන තරඟ වලටත් එකතු වෙනවා.

“මුලින්ම සහභාගී වෙන්නෙ දෙරණ Dream star වලට. ඊට පස්සෙ The voice එකේ පළමු අදියරෙ තරග කළා. කෝච් කසුන්ගෙ කණ්ඩායමේ අවසන් තරගකරුවන් තිසදෙනා අතරට තේරුණා.”

මයන්ත වෙනත් ශිල්පියෙක් වෙනුවෙන් සංගීතවත් කළ මුල්ම ගීතය වන ‘නිහඬ විඩාව’ පියගුණ ගීතයක් ලෙස නිර්මාණය වූවක්.

තිලක් එස් මුදුන්කොටුව තමයි මේ ගීතය ලිව්වෙ. dreamstar තරගයේදී තිබුණ හැඳුනුම්කම එක්ක මම හිතුව සුනීර සුමංග තමයි මේ ගීතය ගයන්න වඩාත් සුදුසු කියලා. පද රචනාවට අනුකූලව තනුව සහ සංගීතය යොදන්න මට ඕන වුණේ. ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වීඩියෝව නිර්මාණය කරපු සරෝජ් බුලත්සිංහලවත් රඟපාපු හේමසිරි ලියනගේ සහ ධනුෂ්ක ඩයස්වත් මතක් කරන්න ඕන. මේ ගීතය එළිදක්වලා සතියකට පස්සෙ මගෙ ස්ටුඩියෝ එක විවෘත කළා. දැනට මම ගායනා කරන ගීත දෙකක් නිර්මාණය කරල තියෙනවා. නමුත් තාම ඒ ගීත නිකුත් කළේ නැහැ.

මගෙ මුල් සංගීත ගුරුතුමා වන ගුවන් විදුලි සංගීත ශිල්පී සිදත් සෝමසුන්දර සර් තමයි මගෙ ගමනට මුල් අඩිතාලම දැම්මෙ. කසුන් කල්හාර සර්ත් මගෙ ගමනට උදවු කරනවා. මගෙ පවුලෙ ඉන්නෙ අම්ම තාත්ත නංගි. තාත්තා නිවාස සැළසුම් ශිල්පියෙක්.”

පියා සමඟ නිවාස සැලසුම් කටයුතු කරන අතර සංගිත අධ්‍යක්ෂ වරයෙක් සහ ගායකයෙක් ලෙස තම නිර්මාණ ඉදිරියට කරගෙන යාම මයන්‍තගේ අනාගත අපේක්ෂාවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division