Home » පළාත් තුනකට තවදුරටත් වැසි

පළාත් තුනකට තවදුරටත් වැසි

by Mahesh Lakehouse
November 4, 2023 12:37 am 0 comment
රසික කොටුදුරගේ

ඉදිරි දිනවලද සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම, උතුරු මැද පළාත් සහ පුත්තලම හා මන්නාරම යන දිස්ත්‍රික්කවල මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට ප්‍රකාශ කළේය.

එසේම දිවයින පුරාම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තද වැසි පතිත විය හැකි අතර මේ වැසි පැයක් හෝ පැය දෙකක පමණ කාලයක් පැවතිය හැකිය. වැසි සමඟ තද සුළං ඇති වීම නිසා ගස්වල අතු කඩා වැටීමේ හා වහළවල් ගැලවීයාමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි අතර, අකුණු අනතුරුවලද වැඩි වීමක්ද පෙන්නුම් කරයි.

සතිය මුල මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කළ ද සතියේ අවසාන සමඟ වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවත් එසේ වුවත් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තද වැසි ද අපේක්ෂා කළ හැකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division