Home » ඖෂධ ජාවාරම්කරුවන්ට සෞඛ්‍ය ඇමැති වැට බඳී

ඖෂධ ජාවාරම්කරුවන්ට සෞඛ්‍ය ඇමැති වැට බඳී

by Mahesh Lakehouse
November 4, 2023 12:43 am 0 comment
සුභාෂිණි ජයරත්න

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන වි‌ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පරීක්ෂණ දෙකක් සිදු කරන බවත් ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ සිළුමිණට ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරිමට කටයුතු කරන බවත්ය.

පසුගිය කාලයේ රටේ පැවැති මූල්‍ය හිඟය හේතුවෙන් ඖෂධ මෙන්ම අනිකුත් ඇණවුම්වලදී ප්‍රමිතිකරණයේ හා ගුණාත්මක බවේ ප්‍රශ්න ඇති වූ නමුත් ඊට අභ්‍යන්තර

ව්‍යූහාත්මක ගැටලු හා පුද්ගලයන් ද සම්බන්ධ වූ බව පෙන්වා දුන් ඇමැති වෛද්‍ය පතිරණ කියා සිටියේ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් කිසිසේත් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවය.

මෙතෙක් පැවැති අඩුපාඩු හැකි ඉක්මනින් නිරාකරණය කරන බවත් ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බඳින බවත් සෞඛ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

ඉමිනොග්ලොබින් ඖෂධය සම්බන්ධයෙන් වාර්තා වූයේ ප්‍රතික්‍රියා තුනක් පමණක් බවත්, ඇස් රෝහල් සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ බැක්ටීරියාවක් හරහා ඖෂධයේ ආරක්ෂාකාරි තත්ත්වය නැතිවී යාම බවත් පෙන්වා දුන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසූයේ ඊට අදාළ වන්දි ගෙවීමක් සිදුකළ හැකි බවය.

මේවන විටත් ක්ෂණිකව අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්ෂක කාණ්ඩයේ ඖෂධ 14 ක කිසිදු හිඟතාවයක් නැති බවත්, හිඟතා පවතින ඖෂධ ගෙන්වීමට ගුණාත්මක බවින් ඉහළ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමට සූදානම් බවත්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඇණවුම් රජයන් අතර ගිවිසුම් මඟින් හෝ ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division