Home » අමර පී. වීරසිංහගේ අවසන් කටයුතු ඉරිදා

අමර පී. වීරසිංහගේ අවසන් කටයුතු ඉරිදා

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

“දිනමිණ” පුවත්පතේ හිටපු විශේෂාංග කතුවරයකු සහ සම්බන්ධීකරණ කතුවරයකු වූ ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමර පී. වීරසිංහ පසුගිය 3 වෙනිදා රාගම මහ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 75 වැනි වියේ පසුවූ පසු වූ අමර පී වීරසිංහ පුවත්පත් කලාවට අත්පොත් තැබුවේ ජනදින පුවත්පතිනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ විශේෂවේදී උපාධිධාරියකු වූ ඔහු සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව ලේක්හවුස් ආයතනයට එක් විය. විශේෂාංග කතුවරයා ලෙස දිනමිණ පුවත්පතේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ ඔහු දිනමිණ සියවස් සමරුව වෙනුවෙන් ප්‍රකාශයට පත් දිනමිණ අබිමන් කෘතිය ද සංස්කරණය කළේය.

කවියකු ලෙස නමක් දිනා සිටි අමර පී ගේ කවියෙන් දිනමිණ මුල්පිටුව හැඩ වූ වාර ගණනද බොහෝය.

පාඨශාලා ආචාරිනී ජී. ටී. ආර්. මල්ලිකා මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි.

අමර පී. වීරසිංහ මහතාගේ දේහය අංක 303, මැයිගහ හන්දිය, බටුවත්ත රාගම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මේ මස 05 වනදා (ඉරිදා) සවස 5 ට බටුවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division