Home » සේවය අතහැර ගිය වෛද්‍යවරු ගැන කෝපා කමිටුවට වාර්තාවක්

සේවය අතහැර ගිය වෛද්‍යවරු ගැන කෝපා කමිටුවට වාර්තාවක්

by Mahesh Lakehouse
November 4, 2023 12:29 am 0 comment

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මඟින් පත් කළ අනුකාරක සභාව මඟින් උපදෙස් දී තිබේ.

එමෙන්ම සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුහුණු කාලය අවසාන වීමත් සමඟ වෛද්‍යවරු ලෙස රෝහල් වෙත පත් කිරීමට කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද කෝපා අනු කාරක සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙම කරුණු හෙළි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් ප්‍රදීප් උඳුගොඩ ගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මඟින් පත් කළ අනු කාරක සභාව ඉකුත් ඔක්තෝබර් 31 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සඳහා සමස්ත රාජ්‍ය සේවයටම පොදු ක්‍රමවේදයක් අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් එහිදි කෝපා අනුකාරක සභාවට දැනුම් දී තිබේ.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා සිටියේ නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී වෘත්තීය සමිති බලපෑම් එල්ල කරන බවද නවක වෛද්‍යවරුන්ට ලබා දෙන පත්වීම් වලින් 80% ලබා දෙනුයේ දුෂ්කර ප්‍රදේශවල පවතින පර්යන්ත රෝහල් සඳහාය. නගරබද ප්‍රධාන රෝහල් සඳහා පත් විම් වලින් ඉතිරි 20% ලබා දෙන බවද සෞඛ්‍ය බලධාරීන් එහිදී පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division