Home » ජන්ම පත්‍රයක 3වැනි භාවයේ පලාපල කථනය
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව

ජන්ම පත්‍රයක 3වැනි භාවයේ පලාපල කථනය

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– 3වැනි භාවය ජන්ම පත්‍රයේ සහජ ස්ථානය හෙවත් සහෝදර ස්ථානයයි
– පුද්ගල කතා විලාසය සන්නිවේදන හැකියාව ලිපි ගනුදෙනු 3වැනි භාවයෙන් පෙන්වයි

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක පලාපල කථනය සම්බන්ධයෙන් මෙවර අප ජන්ම පත්‍රයක 3වැනි භාවය විශ්ලේෂණය කරන ආකාරය බලන්න. මෙය ජන්ම පත්‍රයේ සහජ ස්ථානය හෙවත් සහෝදර ස්ථානයයි.

ජන්ම පත්‍රයේ 3වැනි භාවය මඟින් පුද්ගලයෙකුගේ කතා විලාසය, සන්නිවේදන හැකියාව, ලිපි ගනුදෙනු කිරීම, කෙටි ගමන්, බාල සහෝදරයා හෝ සහෝදරිය, අසල්වැසි අය, හැකියාවන් සහ මානසික විද්‍යාත්මක බලය, හිතේ අදහස් සහ මනස පෙන්වයි. ජන්ම පත්‍රයක 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 1 වැනි භාවයට සම්බන්ධ වන්නේනම්, ජන්මියා ස්වකීය සහෝදරාදීන් සමඟ යහපත් සම්බන්ධතාවන් පවත්වාගෙන යයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ලොතරැයි යනාදිය මඟින් මුදල් ලබයි. අසල්වාසීන් සමඟ යහපත් ඇසුරක් පවත්වාගෙන යයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 3 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් යහපත් සතුරන් පරදවා ජය ලබයි.

ගමන්බිමන්වලට ප්‍රිය කරන අයෙකි. කෙටි ගමන්වල යෙදෙන අයෙකි. සහෝරාදීන් සහ අසල්වාසීන් සමඟ එකමුතුය. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 4 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් සහෝදරයන් මඟින් පරමාර්ථ ඉටුකර ගනියි. දේපළ සහ යානවාහන සහ පාරම්පරික දේපළ ලබයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 5 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් අනුමානයෙන් කරන දේවල් මඟින් වැඩි ප්‍රයෝජන ලැබෙයි. සමාජ තත්ත්වය යහපත් වෙයි.

ව්‍යාපාර සහ වැඩිහිටි අය මෙන්ම දරුවන් සමඟ කටයුතු කරයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 6 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ඉතා පහසු රැකියාවක් කරයි. සේවා සලසා දීමෙන් ආදායම ලබයි. තරග හෝ නඩුහබ ආදියෙන් ජය ලබයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 7 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් බිරිය හෝ සහකරුවන් මඟින් සාර්ථකත්වය ලබයි. සහකරුවන් සමඟ ඉතා සුහදව කටයුතු කරන අතර සමාජ සේවාවලටද යොමු වෙයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 8 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් විශාල ප්‍රමාණයේ මුදල් ලබා ගැනීමට වාසනාව ඇත. පරම්පරාගත දේපළ ආදිය ලබා ගැනීමට හැකි වෙයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 9 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ආගමික හෝ අධ්‍යාපන ආයතන මඟින් මුදල් ලබයි. විදේශිකයන් සහ අමුත්තන් මාර්ගයෙන් වුවද උදවු උපකාර ලබා ගැනීමට හැකි වෙයි.

3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා පහසුවෙන් මුදල් උපයන අතර ඉතා පහසුවෙන් වෘත්තියේ උසස් තත්ත්වයකට පත්වෙයි.

ගෞරව සහ උසස්වීම් ලබයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 11 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ඉතා පහසුවෙන් ඔහුගේ පරමාර්ථ ඉටුකර ගනියි. අවංක සහ පක්‍ෂපාතී අයකු වන අතර ජනප්‍රිය වෙයි. 3 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් වෛද්‍ය විද්‍යාව මඟින් සහ ගුප්ත කටයුතු මඟින් සාර්ථක ප්‍රතිඵල ලබයි. නිත්‍යානුකූල කටයුතුවලට යොමුවී ලාභ සහ ප්‍රයෝජන ලබයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division