Home » කාල සර්ප යෝගය සහ රාහු මහ දශාව
අපල උපද්‍රව කරදර ඇති කරන 

කාල සර්ප යෝගය සහ රාහු මහ දශාව

කාල සර්ප යෝගය යෙදෙන හැටි

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

කාල සර්ප යෝගය සහ රාහු මහ දශාව

– කාල සර්ප යෝගයෙන් උපන් අයකුට රාහු මහ දශා අන්තර් දශාවලදී අපල අධිකයි
– ශිව, පත්තිනි, කාලි මෑණියන්ට පුද පූජා පැවැත්වීමෙන් අපල අඩු කරගත හැකියි
– රාහු අපලය වළක්වන්න රාහු ග්‍රහයා නමදින්නේ මෙහෙමයි

රාහු, කේතු දෙදෙනාට එක් පසෙකින් අනෙක් ග්‍රහයන් පිහිටීමෙන් කාල සර්ප යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපදින ජන්මියන් කුඩා කලදීම බොහෝ විට දිවි අහිමි වේ. ජීවත් වුවහොත් ජීවිතේ යම් පැත්තක් අඳුරු වීම සිදු වේ. එය විවාහය, කුඩා කල මවුපියන් අහිමි වීම, අධ්‍යාපනය අඳුරු වීම, දරුවන් නොමැති වීම, වියදම් අධික වීම, ජීවිත කාලයෙන් අඩක් හෝ රෝගී වීම මෙන් ම ආයුෂ අඩුවීමද භයානක ප්‍රතිඵලයකි.

මෙහිදී මෙම යෝගයෙන් උපන් ජන්මියාට රාහු මහ දශාවෙන් හෝ අන්තර් දශාවක් ලැබුවොත් තත්ත්වය ඉතා දරුණු විය හැකිය. මෙහිදී උත්පත්ති කේන්දරය පරීක්ෂා කොට දරුවාගේ කුඩා අවධියේදීම උතුම් ශිව දෙවියන්ට, කාලි මෑණියන්ට, පත්තිනි මෑණියන්ට බාර කර පඬුරු ගැට ගසන්න.

කැටයකට දිනපතා මුදල් එකතුකර ඉන් වසරක් පාසා ගවයකු නිදහස් කරන්න. සතුන්ට අභය දානය දීම තුළින්ද යහපත් ප්‍රතිඵල අත්වේ. රාහු ග්‍රහයා සහ කේතු ග්‍රහයා කේන්දර තුළ ප්‍රබලව සිටී නම් ගෝමේද සහ වෛරෝඩි මැණික් ඔබ්බ වූ ආභරණයක් පැලඳවීම් සුදුසු වේ. මෙවැනි ග්‍රහ යෝගිව උපන් අය සුවිශේෂව ආගම දහමට යොමු කරවීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

රාහු ග්‍රහයා නැමදීම
නාග ද්වාජය විද්මහේ
පද්ම හස්තාය ධීමහි
තන්හෝ රාහු ප්‍රවෝදායත්
අර්ධකායං මහා වීර්යං
චන්ද්‍රා දිත්‍ය විමර්දනම්
සිංගිකාගභී සංභූතං
තං රාහුං ප්‍රනමාම්‍යහම්

රජෙක් වුණත් උන්හිටිතැන් අහිමි කරන රාහු මහ දශාව කේන්දරය තුළ සම රාශිගතව, උච්ඡ රාශිගතව, නීච රාශිගතව සිටීද යන්න පළමුව සොයා ගත යුතුය. රාහු මහ දශා කාලය වසර 18කි. මනස ප්‍රකෘති තත්ත්වයෙන් තොරව තැනින් තැන ඇවිද වීම මෙහි ප්‍රධානම කාර්යයයි. නමුත් ග්‍රහ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වේ.

ජන්මියා තරුණ වියේදී නම් මෙම රාහු මහ දශාව තුළ විදේශගත වීම තුළින් ශුභ ප්‍රතිඵල අත්විඳිය හැකිය. උතුම් කාලි මෑණියන්ට, ශිව දෙවියන්ට අඟහරුවාදා සිකුරාදා දින 02 තුළදී පූජා පවත්වන්න. මෙය දශා කාලය තුළම සිදු කිරීම තුළින් අපල දුරු වේ.

* නිවසේ ඊශාන පැත්තට වැටකේ පැළයක් සිටුවා හැම රාත්‍රියකම රාහු ග්‍රහයාට පින් දී පිහිට ඉල්ලන්න. (ගස ස්පර්ශ කිරීම අපල දුරු වීමට හේතු වේ.)

* වැටකේ මල් අෂ්ටඵල බෝධියකට පූජා කරන්න.
* කේන්දරය තුළ බලවත් රාහු නම් ගෝමේද මැණිකක් ඔබ්බවා ආභරණ පැලඳීම සුදුසු වේ.
* රනින් කළ නාග රූපයක්, ගෝමේද මැණික් ගලක්, නිල් රෙදි දන් දීම අපල දුරු වීමට හේතු වේ.
* ඉහත ගාථාවෙන් තෙවරක් භක්තිමත් ලෙස කියවා රාහු ග්‍රහයාට පින් දී රාත්‍රියට පිහිට ඉල්ලන්න.
* මෙම යහපත් පැවතුම් තුළින් ඔබේ ජීවිතයේ රාහු මහ දශා කාලය ඉතා සුබ එකක් වේවි.

ජ්‍යොතිර්වේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division