Home » සතුට වැඩිකමට මම ගොඩක් ඇඬුවා

සතුට වැඩිකමට මම ගොඩක් ඇඬුවා

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment
අනුෂා රණසිංහ, ඡයාරූප - ඩාර්ක් රූම්

– අම්මයි තාත්තයි දෙපැත්තක හිටියට ඒ දෙන්නාම මම විවාහ ගිවිස ගන්න දවසේ මගේ දෙපැත්තෙන් ශක්තියට හිටියා.
– හිතාගන්න බැරුව ඉන්නේ වෙඩින් එක ගනිද්දී කාටද ඉන්වයිට් කරන්නේ කියලා

කවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායක යුවළක් වන අතුල – සමිතාගේ ආදරණීය දියණිය. කවින්ද්‍යාගේ ජිවිතේ අලුත්ම පිටුවක් සනිටුහන් වුණු දවසක් තමයි පසුගිය ඔක්තෝබර් 19 වනදා. ඒ කවින්ද්‍යා අධිකාරි සහ එයාගේ ආදරණිය පෙම්වතා වන දනිදු පෙරේරා සමඟින් විවාහ ගිවිස ගැනීම සිදු වුණ දවස.

ඒ සොඳුරු දිනේ ගැන අපි ඇහුව කවින්ද්‍යා අධිකාරිගෙන්.

හොඳ නැකත් දවසක් බලලා මේ දවස තෝරලා දුන්නේ දනිදුගේ අම්මා. අපිට කෙටි කාලයයි තිබුණේ විවාහ ගිවිස ගැනීමේ දිනය සැලසුම් කර ගන්න. මම කොහොමත් වැඩිය පිට අයගෙන් මේකප් කරන කෙනෙක් නෙවෙයි. මමම තමයි බොහෝ වෙලාවට මේකප් කර ගන්නේ. ඒ නිසා මට ඕනේ වුණේ මේ දවසෙත් බොහොම සරල මේකප් එකක් කර ගන්න. ඒ හින්දම මම බොහොම විශ්වාසයෙන් මගේ ලස්සන දවසේ මාව හැඩ කරන්න භාර දුන්නේ නුවන් විජේතුංග අයියාට. මට සරිටා එකේ ලස්සන සාරියකට ජිනාලි විසින් මම ආස විදිහට සාරි ජැකට් එක කරලා දුන්නා. ඒ වගේම මගේ මල් කළඹ හදලා දුන්නේ Designer flowers වෙතින්. දනිදුගේ ඇඳුම Grooms Art වෙතින් සහ අපේ සපත්තු Walk To Glow වෙතින් ලබා දුන්නා.

අපේ විවාහ ගිවිස ගැනීමේ දවස සැලසුම් කළේ අශාන් ද සිල්වා. ඒ වගේම ඉතා කෙටි කාලයක් තුළ මට ලස්සන කේක් එකක් නිර්මාණය කරලා දුන්නේ Taste of Heaven හි විජිත කුමාර අයියා.

අපි අපේ ජයාරූප ගත්තේ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ සහ ගංගාරාම විහාරස්ථානයේ. එදා දවසේ උදේ වරුවේ ෆොටෝ අරන් අපි ගියේ ගංගාරාම විහාරස්ථානයට. එතැනට යද්දීම මට මාරම සතුටක් දැනුණේ. මගේ අම්මා දුන්න අදහස් එක්ක අපි හිතුවටත් වඩා ලස්සනට Paradise Flora හි මිහිරි අක්කා ඇතුළු කණ්ඩායම ලස්සනට මල්වලින් සරසලා තිබ්බා. විවාහ ගිවිස ගැනීමේ දී මගේ පැත්තෙන් අත්සන් කළේ නාමල් උඩුගම මාමා. දනිදුගේ පැත්තෙන් නම් එයාගේ තාත්ත අත්සන් කළේ. මට ඕනේ වුණේ සරල ලස්සන දවසක්. ඒ දවස හිතුවටත් වඩා ලස්සන වුණා. අම්මයි තාත්තයි දැන් දෙපැත්තක හිටියත් ඒ දෙන්නාම මගේ විවාහ ගිවිස ගැනීමේ දවසේ මගේ දෙපැත්තෙන් මගේ ශක්තියට හිටියා.

මේ මොහොතේ මම හිතාගන්න බැරුව ඉන්නේ වෙඩින් එක ගනිද්දී කාටද ඉන්වයිට් කරන්නේ කියලා. අපේ පවුල වගේම දනිදුගේ පවුලේ අයත් සංගීත පවුලක්. ඊට පස්සේ මම රංගනයටත් සම්බන්ධ වුණු නිසා ඒ පැත්තෙන් යාළුවෝ ඉන්නවා. ඒ නිසා කොහොම කාටද ඉන්වයිට් කර ගන්නේ කියන එක හිතාගන්න අමාරුයි. දැන්ම ඒ ප්‍රෙෂර් එක ගන්නේ නැහැ. මේකට වුණු මහන්සිය පොඩ්ඩක් අඩු වෙනකම් ඉන්නවා ඒ ගැන හිතන්නත්.

ඉස්සර ඉඳන්ම මට සමාජ මාධ්‍යය හරහා බොහෝ දෙනෙක් ආදරය කරන බව දැනුණට, මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ දැනෙන්න ලැබුණේ මගේ විවාහ ගිවිස ගැනීමේ දවසේ. මම හිතුවේවත් නැති විදිහට ගොඩක් දෙනෙක්ගේ ආශිර්වාදය මට ලැබිලා තිබ්බා. හැමෝම කියලා තිබ්බේ මම සතුටින් ඉන්නවා දකින එක ඒ අයට ලොකු සතුටක් කියලා. ඒවා දැකලා මම ගොඩක් ඇඬුවා. මට ගොඩක් සතුටුයි. මේ වගේ ආදරයක් ලැබුණු එකට.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division