– විදුලි බිල වැඩි කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කිසිවක් ඉතුරු වන්නේ නැහැ
– ජනාධිපතිවරණය තිබ්බොත් අපි දිනනවා
– දැන් තරුණ පරිම්පරාවට මේ රට හැදීමේ වුවමනාවක් නැහැ
– අලුත් සෞඛ්‍ය ඇමැතිවරයාට මූල්‍ය ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකි යැයි විශ්වාස කරන්නෙ නැහැ
ලබන වසර මැතිවරණ වසරක්. කොහොමද සූදානම…?
පසුගිය මාර්තු 9 පැවැත්වීමට තිබූ ඡන්දය කල්දාන විටත් අපි ජයග්‍රාහී මැතිවරණයකටයි සූදානම් වී හිටියේ. එතැන් සිට මේ දක්වා එම ජයග්‍රාහී තත්ත්වය අපි වැඩි දියුණු කර තියෙනවා. ජනාධිපතිවරණය තිබ්බොත් අපි දිනන බවට වූ විශ්වාසය අදටත් එලෙසම තියෙනවා.
මැතිවරණයෙන් ජාතක ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වේ යැයි විශ්වාසයක් තියෙනවද?
අනිවාර්යයෙන්ම. එය ජනතාව සමඟ ගැවසීමෙනුයි අපි විශ්වාස කරන්නේ. පසුගිය කාලවල අපි කිව්වේ ශක්තිමත් විපක්ෂයක් හදන්න ඉඩ දෙන්න කියලා. පාර්ලිමේන්තුව හැසිරවීමේ යතුර දෙන්න කියලා. දැන් අපි එහෙම කේවල් කිරීමක් කරන්නේ නැහැනේ. එහෙම නොකියන්නේ අපි බලය ගන්න නිසා. ඒ තත්ත්වයට අපි වර්ධනය කර ගත්තා
පසුගිය කාලයේ ජාතික ජන බලවේග මැතිවරණ වේදිකාවල විශාල සෙනඟක් දැක්කත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැනේ. කොහොමද ඉදිරියට වෙනස් වෙයි කියලා අපේක්ෂා කරන්නෙ?
පසුගිය කාලයේ විශාල සෙනඟක් දකින්න සිටියේ නැහැ. එදා මිනිසුන්ගෙ අදහස වුණේ තමන් වැඩිපුර දෙයක් කළොත් අමතර ආදායමක් ලබා ගත හැකි බවයි. දැන් ජනතාව දන්නවා මොනව කළත් එය කර ගන්න බැරි බව. වර්තමාන තත්ත්වය තුළ කිසි දෙයක් කර ගන්න බැරි බව දන්න නිසායි, විශාල පිරිසක් රට හැර යන්නේ.
දැන් තරුණ පරිම්පාරාවට මේ රට හැදීමේ වුවමනාවක් නැහැ. රටේ ජනතාව රට හැරයාම ආණ්ඩුව සලකන්නේ ආණ්ඩුවට ගොඩයාමට පිළිතුරක් ලෙසයි.
බොහෝදෙනා පවසනවා, ආණ්ඩුව හා පොහොට්ටුව අතර විරසකයක් ඇති වී ඇති බව. ඒ තත්ත්වය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට වාසිදායක වෙයිද?
ඒ අය බෙදී නැහැ. පසුගිය කාලයේ සිටියා වගේම ඉන්නවා. බොරුවක්. ජනතාව රැවැට්ටීමක්. තමන් ජනතාව සමඟ සිටින බවට මවාපෑමක්. අපිට එය අදාළ නැහැ වගේම ජනතාවට ඇත්ත හෙළිදරව් කරනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ මොනවාද?
ජාතික ජන බලවේගය ලෙස අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායකයි. අපි මෙය ප්‍රකාශයට පත් කළා. වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා.
පක්ෂයේ ආර්ථිකය ගොඩනඟන ප්‍රතිපත්තිය සරලව පැහැදිලි කළොත්?
ආර්ථිකය හැදීමේ පළමු පියවර දේශපාලන පෙරළිය. පසුව ජනතාව ආර්ථිකයට දායක කරගත යුතුයි. දැන් ජනතාව සිටින්නේ නිකම්මයි. රට ගොඩදාන්න නම් දේශපාලන පෙරළියක් අත්‍යාවශ්‍යයි. එය කළ යුත්තේ ජනතාව සම්බන්ධ කරගෙන ජනතාවට නායකත්වයක් ලබා දීමෙනුයි. ආර්ථිකයට දායක කොටස්කරුවන් බවට ජනතාව පත්කර ගත යුතුයි. අපි කොට්ඨාස සභාවලට ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙනවා. ඒ බලය යටෙත් එක බිම් අඟලක් නෑර වගා කර ඒවා විදේශ විනිමය උපායා ගන්නා දේවල් විය යුතුයි. අද ග්‍රාමසේවා වසම් කියෙන්නේ නිකරුණේ තියෙන්නේ. එතකොට රටක් දියුණු වන්නේ කොහොමද?
ආණ්ඩුව මේ වන විට යළිත් විදුලි බිල වැඩි කර තියෙනවා. ආණ්ඩුව ඊට සාධාරණ හේතු පෙන්වද්දි ඔබලා ජනතාව පැත්තෙන් හිටගන්නවා? ජනතාව වෙනුවෙන් මොනවද කරන්නේ?
වර්තමාන ජනාධිපතිවරයා මීට බොහෝ කාලයකට පෙර සිටම ප්‍රකාශ කළේ මේ වර්තමාන පරිම්පරාවට තිත්ත කසාය බොන්න වෙන බව. අගමැති කාලයේත් කිව්වා. දැන් තියෙන්නේ තිත්ත කසාය තමයි. දැන් රටේ සියල්ලම බරපතළ ප්‍රශ්න නිසා එක ප්‍රශ්නයක්වත් හයිලයිට් වෙන්නේ නැහැ. අද සියලු දේ බරපතළ ගැටලු නිසා ජනතාව බරපතළ ලෙස පීඩාවට පත් වෙලා ඉන්නේ. ජනතාව බලාගෙන ඉන්නේ ලැබෙන පළමු මැතිවරණයේම මේ පාලකයන්ව ගෙදර යවන්නයි. ඒ නිසා අවස්ථාව නොදී මේ අය මඟහරිමින් යනවා. අපි හැමදාම ජනතාවගේ පැත්තෙ සිට තමයි අපේ විරෝධතාව, පිළිතුර ලබා දෙන්නේ. මේ අවස්ථාවේ 18% කින් විදුලි බිල වැඩි කිරිම සියලුම අයට බලපානවා. මේ වැඩි කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. නිවෙසට විදුලිය තියෙද්දි ලයිට් නොදා ඉන්න මිනිසුන්ට සිදු වෙලා. ඇත්තටම බිල් ගෙව්වහම කෑමට බීමට කිසිවකුටත් මුදලක් නැහැ. පාලකයන්ට මෙය සමීක්ෂණ කර බලන්න කියා යෝජනා කරනවා. විදුලි බිල ගෙව්වට පස්සේ ජීවත් වෙන්න බැහැ. අපිට කරන්න තියෙන්නේ ජනතාවත් එක්ක පාරට බහින්නයි. අපි පන්දම් විරෝධතා පෙළක් පවත්වමින් යන්නේ ඒ නිසා.
ඔබ පක්ෂය එසේ කළත් විදුලි බල මණ්ඩලයට අතිශයින්ම පාඩු බව පවසනවා? විදුලි බිල වැඩි කළේ ඊට පිළිතුරක් ලෙස කියනවා?
විදුලි බල මණ්ඩලයේ හොරකම්, වංචා දූෂණ, නාස්තිය නතර කරන්න කිසි දෙයක් පාලකයන් සිදු කර නැහැ. ඒ වගේම දැවැන්ත විදුලි බිල් ඇති අයගේ බිල් අය කරන්න වැඩ පිළිවෙළක් සකස් කර නැහැ. සියල්ල සාමාන්‍ය ජනතාව මත පටවා තියෙනවා. දැන් අවශ්‍ය වන්නේ ජනතාවට සහනයක්. ආර්ථිකය කඩා වැටුණු ප්‍රමාණයට අනුව යමක් කිරීම අපහසු බව අපි පිළිගන්නවා. IMF කිව්වේ ඊළඟ ණය වාරික ගෙවන්න නම් ඔයාලා හොඳ ළමයි වෙන්න ඕන කියලයි. හොඳ ළමයි වෙන්න නම් ආදායම වැඩි කරන්න ඕන. නමුත් අපනයනය වැඩි කර ආදායම වැඩි කළේ නැහැ. ආදායම වැඩි කරගන්න එකම දේ සියල්ල ජනතාව මත පැටවීමයි.
නමුත් ආණ්ඩුව පවසන්නේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක ජනප්‍රිය තින්දු තීරණ පිටුපස යන්න බැහැ කියලයි…?
යම්කිසි ආර්ථික ක්‍රමවේදයක් පාලකයන් අනුගමනය කළ විට ලොව දියුණු වූ රටවල් තියෙනවා. මේ අය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තියෙන් මේ රට දියුණු වුණාද? මේ රට කඩා වැටුණු එකයි වුණේ. අපේ ප්‍රතිපත්තිය, ක්‍රමවේදය මීට වඩා වෙනස්. දේශපාලන සංස්කෘතියත් වෙනස්. මේ සියල්ල ඒ අය කළ දේවල් නිසා වූ ඒවා. ජනතාවට කරුණු කියා තේරුමක් නැහැ. තමන් අසාර්ථක බව පිළිගත යුතුයි. වගකිව යුත්තෝ තමන්ගේ අසාර්ථකත්වය හමුවේ නම්බු පිට ඉවත් විය යුුතුයි.
ඔබ පවසන්නේ වත්මන් ජනාධිපති යටතේ මේ වන විට කිසිදු ආකාරයේ ප්‍රගතියක් ඉස්මතු නොවූ බවද?
ණය ගෙවන්නේ නැති නිසා, IMF මුදලක් ලැබුණු නිසා මේවා කරනවා. තෙල් මිල ඉහළ නිසා පෝලිම් නැහැ. විදුලිය තිබුණට මිලදී ගන්න බැහැ. මිනිස්සු කරන්නේ සුපර් මාර්කට්වල ඇති දේ බල බලා යෑමයි.
ජාතික ජන බලවේගය IMF යාම ගැන කියන්නේ නැහැ. නමුත් රජය මේ වන විට එහි දෙවැනි අදියර ආසන්නයට පැමිණ තියෙනවා. මොනවද මේ ගැන කියන්නේ..?
IMF එක්ක කතා කරගෙන යාම අපිට ප්‍රශ්නයක් නෙමෙයි. 17 වතාවක් IMF ගියානේ. කෝ පිළිතුරු. යම් පාලකයකුට තමන් අනුගමනය කරන ක්‍රමයෙන් රට දියුණු කිරීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම ඔප්පු වී නැහැ. මේ නරක ජඩ දේශපාලන සංස්කෘතිය නැති නොකර කිසිම තැනකට ගියත් වැඩක් නැහැ. ආණ්ඩුව සල්ලි හොයා ගැනීමේ එකම ක්‍රමය ලෙස සලකන්නේ විකිණීම. රටේ සේවා හෝ ආයතන විකිණීම. විකුණා කීයක් හෝ ගන්නවා. එයින් මොනවා හෝ කළා යැයි කියා පිළිතුරක් ලැබි නැති බව පේනවනේ. සාමාන්‍ය දැන උගත් මිනිසුන් සමඟ කතා කළොත් ජනතාව කියන දේ පේනවා. අපිට මේ ආණ්ඩුව වට්ටන්න ඕන නිසා අපි කියන දේ නොසිතා දැන උගත් අයගෙන් විමසන්න කියලයි මම කියන්නේ.
රටේ වැටුණු ආර්ථිකය ගොඩදාන සැලැස්ම ගැන ජාතික ජන බලවේගය ප්‍රසිද්ධියේ කතා කිරීමක් පෙනෙන්නේ නැහැ?
අපි පොත්පත් සකස් කර මුද්‍රණය කළා. අපේ ප්‍රතිපත්තියේ කරුණු දෙකයි ඇත්තේ. අපේ රටේ මානව වර්ධනයට ඇති බාධා ඉවත් කළ යුතුයි. දෙවැන්න මිනිස්සු වැඩ කිරීමේ ප්‍රතිඵලය, බදු ගෙවීමේ ප්‍රතිඵලය මිනිසුන්ට ලැබිය යුතුයි. එවිට ජනතාව සැහීමකට පත් වෙනවා. අපේ වැඩපිළිවෙළ එයට අවශ්‍ය දේ සිදු කිරීමයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැඩි ගැටලු මතුවී ඇති යුගයක ඔළු මාරුවීමක් පමණක් සිදු කර ඇති බවට ඔබ පක්ෂය චෝදනා කරනවා?
ඇමැති කෙහෙළියට ගොඩාක් විරෝධතා පසුගිය කාලයේ ආවා. ඊට හේතුව රෝහල් ඉදිරිපිට මිනි පෙට්ටි සාප්පු කතා, මිනිසුන් පත්ව ඇති අමාරුකම්, දුෂ්කරතා නොසකලා ප්‍රකාශ නිකුත් කළා. රටේ සෞඛ්‍ය කඩා වැටී ඇති නිසයි ඔහු වටා ඒ සියල්ල කේන්ද්‍රගත වුණේ. මෙයට ඔහුත් වගකිව යුතු අතර සෞඛ්‍ය සඳහා මුදල් වෙන් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවට චෝදනා එල්ල විය යුතුයි. නමුත් සියල්ල පෙළ ගැසුණේ හිටපු සෞඛ්‍ය ඇමැති හරහා. මේ තත්ත්වය තුළ ජනතාවගේ විරෝධතා එල්ල වූ කෙනා මම අයින් කළා කියලා ජනාධිපතිවරයා ලකුණු දමා ගත්තා. එයින් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට පිළිතුරක් ලැබී නැහැ. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයාටත් ඒ මූල්‍ය ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකි යැයි විශ්වාස කරන්නෙත් නැහැ.
සුභාෂිණි ජයරත්න