Home » බදු දැලෙන් රිංගන මෝරුන්ට ‘රැම්ස්’ වැට බඳියි

බදු දැලෙන් රිංගන මෝරුන්ට ‘රැම්ස්’ වැට බඳියි

by Mahesh Lakehouse
October 28, 2023 12:40 am 0 comment

– වගකීම් ඉටු නොකරන නිලධාරීන්ටත් වැඩ වරදී
– නව දත්ත එකතු කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳ සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විුත් ක්‍රමවේදය වන ‘රැම්ස්‘ තොරතුරු පද්ධතිය (Random access management information system) ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම ‘රැම්ස්‘ පද්ධතිය මඟින් නිරීක්ෂණයට ලක් වන අතර එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙයට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබු අතර නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණ ද නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇති බව කියති. මෙම වැඩසටහන ක්‍රියාත්මක වනුයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මතය.

මෙම නව පද්ධතිය මඟින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබේ. ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායකට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කොට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි. මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කිරිමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division