මහජන බැංකුවේ කළුතර ප්‍රාදේශික අපනයන කේන්ද්‍රය (Export Hub) පානදුර ශාඛාවේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම්, අපනයන බැංකු පහසුකම්, ඇපකර පහසුකම්, උපදේශන සේවා, පරිපූරක සේවා, අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහාම නිර්මාණය කර ඇති ඩිජිටල් බැංකු පහසුකම් (ආයතනික අන්තර්ජාල බැංකුකරණය) ඇතුළුව පූර්ණ මුල්‍ය විසඳුම් පිරිනැමීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට එකම වහලක් යට සියලු පහසුකම් සැලසීමට අපනයන කේන්ද්‍රයේ අරමුණයි. දැනට දිවයින පුරා ප්‍රදේශ 7ක පිහිටි ශාඛා 7ක මෙම අපනයන කේන්ද්‍ර පිහිටුවනු ලැබේ.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන සහ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන ඇතුළු විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.