Home » Havelock City Mall දැන් විවෘතයි

Havelock City Mall දැන් විවෘතයි

by gayan
October 28, 2023 12:30 am 0 comment

කොළඹ නගර මධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වෙළෙඳ සංකීර්ණයක් හරහා මෙරට ජනතාවට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් සහ විනෝදාස්වාද අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සලසමින් ඉකුත් 19 වන දින සිට Havelock City Mall විවෘත වී ඇත.

වර්ග අඩි 200,000කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක විහිදෙන මෙම වෙළෙඳ සංකීර්ණය තුළ ODEL, Cargills Food Hall, Scope Cinemas, Food Studio, Cool Planet සහ Abans ඇතුළු ප්‍රමුඛතම වෙළඳ සන්නාම හයකින් සහ විලාසිතා විනෝදාස්වාද අවස්ථා, ආහාර – පාන වර්ග, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ තෑගි ඇතුළු නොයෙකුත් සේවාවන් රැසක් සපයන තවත් අලෙවි සැල් 132 කින් සමන්විතය. Havelock City Mall හි කුඩා ළමුන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වු විශේෂ ක්‍රීඩා අත්දැකීම් සහිත ක්‍රීඩාගාරයක්, ලබන වසරේ විවෘත වීමට නියමිත ආසන දහසකින් සමන්විත තිර හයක IMAX ආකෘතියේ බහුපථ සිනමා අත්දැකීමක්, සහිත මෙම වෙළෙඳ සංකීර්ණය පවුලේ සියල්ලන්ටම ගැළපෙන, ස්ථානයක් වනු ඇතැයි Overseas Realty (Ceylon) PLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂක ප්‍රවීර් සමරසිංහ පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division