Home » යථාර්ථවාදී චිත්‍ර කලාවක් වෙනුවෙන් පෙළ ගැසුණු සිත්තරුන් දස දෙනාගේ The Ten

යථාර්ථවාදී චිත්‍ර කලාවක් වෙනුවෙන් පෙළ ගැසුණු සිත්තරුන් දස දෙනාගේ The Ten

by Mahesh Lakehouse
October 21, 2023 12:29 am 0 comment

 වචනයෙන් කිව නොහැකි බොහෝ දේ සිතුවමකට කිව හැකි යැයි කිවහොත් ඔබ මා හා එකඟ වේවි. සිතුවමක ජීව ගුනය රඳවා ගන්නට පැන්සල, පින්සල මහෝපකාරී වනවා සේම නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වය ද ඍජුවම බලපායි. තමාටම ආවේණික ශෛලියකට අනුගත වෙමින් චිත්‍ර ශිල්පයේ සුවිශේෂී දස්කම් පාන සිත්තරුන් දස දෙනෙකුගේ එකමුතුවෙන් 2020 වසරේ ස්ථාපිත කරගත් The Ten (දස දෙනා)ගේ කණ්ඩායමේ විශිෂ්ට චිත්‍ර දැක්මක් පසුගිය ඔක්තෝබර් 21 සහ 22 දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැතිණි. පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා පැවැති මෙම ආකර්ෂණීය සිතුවම් දැක්ම දැනුමෙන් හසළ, පළපුරුද්දෙන් ඉහළ චිත්‍ර ශිල්පීන් දස දෙනෙකුගේ වීම ද විශේෂත්වයකි.

ගුණසිරි කොළඹගේ, ජනක රත්නායක, වසන්ත සිරිවර්ධන, සුසන්ත නානායක්කාර, ශිරානි නානායක්කාර, අනුර ශ්‍රීනාත්, නුවන් තේනුවර, රොහාන් දසනායක, ගාමිණී අබේසේකර සහ සුනිල් කටුගම්පොල එම කණ්ඩායමේ සාමාජිකයන්ය. එහි කැඳවුම්කරු සුනිල් කටුගම්පොල ය. ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා කරන චිත්‍ර ඇකඩමියක් හා සෑම ශෛලියකම චිත්‍ර ප්‍රදර්ශනය කරන මට්ටමේ කලාගාරයක් ඇති කිරීම මෙහි මූලික අරමුණය. දේශීය හා ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනවලට සහභාගී වීම, චිත්‍ර ප්‍රදර්ශන, වැඩමුළු, ජාත්‍යන්තර කලා පොළහි, තරග, වෙන්දේසි, ජාත්‍යන්තර කෞතුකාගාරවල මෙම චිත්‍ර යෙදීම කණ්ඩායමේ තවත් ඉලක්කයකි. වාණිජ වටිනාකම් උදෙසා වියුක්ත චිත්‍ර කලාවට යොමුව සිටින්නන් නිරූපණ චිත්‍ර කලාවට එසේත් නැතහොත් යථාර්ථවාදී චිත්‍ර කලාවට යොමු කර ජාත්‍යන්තර ප්‍රශස්ත ප්‍රමිතිවලට අනුගත වෙමින්, බාධක අවම කර, ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පීන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීම ද ඔවුන්ගේ අරමුණු අතර වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division