Home » යළි මාස 8ක් යනතුරු විදුලි බිලේ වෙනසක් නැහැ

යළි මාස 8ක් යනතුරු විදුලි බිලේ වෙනසක් නැහැ

by Mahesh Lakehouse
October 21, 2023 12:35 am 0 comment
රසික කොටුදුරගේ

යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් ලබන වසරේ ජූනි 30 වැනිදා දක්වා සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා සිළුමිණට පැවසීය.

විදුලි බල මණ්ඩලය විදුලි බල පනත ප්‍රකාරව විදුලිය ගාස්තු සංශෝධන සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ ඉදිරිපත් කළ යුතු වන අතර, වසරකට සිදු කළ හැක්කේ සංශෝධන දෙකක් පමණක් බවත් ඊට අමතරව ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නම් සුවිශේෂී අවස්ථාවකදී මහජන උපයෝගිතා කොමිසමෙන් ඒ සඳහා ඉල්ලීමක් සිදු කළ හැකි බවත්, ඒ අනුව ඔවුන් විසින් ලබාදෙන නිර්දේශ මත එම සංශෝධනය සිදු කරන බව හෙතෙම පවසයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස සිදු කළ යුතු විදුලි ගාස්තු සංශෝධනය මේ වන විට උද්ගත වී ඇති සුවිශේෂී තත්ත්වය මත ඉහළ දැමීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව ඉකුත් 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබුණි.

ඒ අනුව ඒකක බිංදුවේ සිට ඒකක 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10.00ක් ව පැවති ගාස්තුව රුපියල් 12.00 දක්වා ඉහළ යන අතර, ඒ සඳහා පැවති රුපියල් 150.00ක ස්ථාවර ගාස්තුව ද රුපියල් 180.00 ක් දක්වා වැඩි වී ඇත. එ්කක 31 සිට එ්කක 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25.00ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, එහි ස්ථාවර ගාස්තුව ලෙස පැවති රුපියල් 300.00ක අගය රුපියල් 360.00ක් දක්වා වැඩි කර ඇත.

ඒකක 61 සිට ඒකක 90 දක්වා එක් ඒකකයක් සඳහා අය කළ රුපියල් 35.00ක ගාස්තුව රුපියල් 41.00ක් දක්වා මිල ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 400.00 සිට රුපියල් 480.00ක් දක්වා ඉහළ දමා ඇත.

ඒකක 91 සිට ඒකක 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50.00ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1000.00 සිට රුපියල් 1180.00ක් දක්වා ඉහළ දමා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division