Home » බීඩි කර්මාන්තය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක්

බීඩි කර්මාන්තය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක්

by Mahesh Lakehouse
October 21, 2023 12:43 am 0 comment
වජිර ලියනගේ

මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව අදාළ ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත.

ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය. දැනට බීඩි කොළ කිලෝවක් සඳහා අය කරන රුපියල් 5,000 ක සෙස් බද්ද ඉවත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

බීඩි කොල ආනයනයේදී අය කරන රුපියල් 5,000 ක සෙස් බද්දට අමතරව එක් බීඩියකින් රුපියල් දෙකක මුදලක් ද රජය අය කර ගනු ලබයි.

සුරා බදු දෙපාර්තමේන්තුව මෙම ක්‍රමය හඳුන්වා දී ඇති නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද ඉහත සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. බීඩි කොළ කිලෝවකට අය කරන සෙස් බද්ද හේතුවෙන් හොර පාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද මෙහිදී තොරතුරු වාර්තා වී ඇත. එම නිසා බීඩි කාර්මාන්තය විධිමත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය විය.

බීඩි කර්මාන්තයේ 700 ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේදී අය කරන සෙස් බද්ද ඉවත් කොට එක් බීඩියකින් අය කරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට ද තීන්දු වී තිබේ.

සෙසු බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහයන් සමඟ ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division