Home » බීමත් රියදුරෙක් ඇල්ලුවොත් 5,000ක දිරි දීමනාවක්

බීමත් රියදුරෙක් ඇල්ලුවොත් 5,000ක දිරි දීමනාවක්

by Mahesh Lakehouse
October 21, 2023 12:43 am 0 comment
තාරක වික්‍රමසේකර

බීමතින් වාහන පදවා අත්අඩංගුවට ගන්නා එක් රියදුරකු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000ක දිරි දීමනාවක් ගෙවීම මේවන විටත් අරඹා ඇතැයි රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සිළුමිණට කීවේය.

නියමු ව්‍යාපෘතියක් ලෙසින් එය මේ මාසයේ සිට වසර අවසානය දක්වා වන මාස 3ක කාලය (ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර්) තුළ සිදු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. බීමත් පුද්ගලයන් නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

බීමත් රියදුරන් හඳුනා ගැනීම පිණිස අදාළ උපකරණ 180,000ක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලබා දී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

පොලිස් නිලධාරීන්ට ලබා දෙන විශේෂ දීමනාව නිසා එම නිලධාරීන්ද වැඩි උනන්දුවකින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඔහු හෙළි කළේය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් බීමත් බව තහවුරු වීමෙන් පසු අනිවාර්යෙන්ම අධිකරණයට පමුණුවා දඩ ගැසීම් සිදු කෙරේ.

පසුගිය 2022 වසරේ පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 25,038කි. ඒ අනුව දිනකට ආසන්න වශයෙන් බීමත් රියදුරන් 70කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බීමත් රියදුරන්ගෙන් අය කර ගන්නා ලද දඩමුදල රුපියල් මිලියන 622කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division