* සිඟමන් යදින අයුරු දැකීම – කිසියම් කරුණක් නිසා සිත් වේදනා විඳින්නට සිදු වේ.
* කමතක් උදළුගාන අන්දම – අවශ්‍යම මොහොතේ ලැබෙන්නට ඇති මුදලක් නොලැබේ.
* හරකුන් ලවා ගොයම් මැඬවීම – බලාපොරොත්තුව සිටි දෙයක් හිමි වේ.
* එළියක් නැතිව අඳුරේ ගමන් කරන අයුරු – පවුලේ සියලු දෙනාටම යහපත් කාලයකි.
* බෙරයක් වැනි වාද්‍ය භාණ්ඩයක් වාදනය කිරීම – සියලු විරුද්ධවාදීන් මැඬගෙන නැඟී සිටීමට හැකි වේ.
* මහ ගසක් මුලින් කපන අන්දම – ඔබේ මුළු පවුලටම අයහපත් කාලයකි.
* ගී ගයමින් නටන අයුරු – පොදු කටයුත්තකට උර දෙන්නට සිදු වේ.
* ලබු කැටයකින් දිය පානය කිරීම – මියගිය ඥාතියකුගේ දේපළ හෝ වස්තුව ලබන්නට වාසනාව උදා වේ.
* කඩුල්ලකින් පැන ගමන් කිරීම – තමන් කරන්නට සැලසුම් කළ කටයුත්තට වැඩිහිටි විරෝධය මතු වේ.
* හිසෙන් බරක් රැගෙන යන අන්දම – තමන්ගෙන් ආධාරයක් ඉල්ලාගෙන සමීපව ඇසුරු කරන්නකු පැමිණේවි.
* අසනීප වී ඇඳක වැතිරි සිටින අයුරු – වැඩිහිටියකුට නීතියෙන් කරදර සිදු වේ.
* තුඹසක් කඩා බිඳ දමන අයුරු – හිතවතකුගේ හදිසි අභාවයක්.
* අහසේ පාවෙමින් ඉගිළ යන අයුරු – දුර බැහැරකින් වාසියක් ලැබේ.
* ඒදණ්ඩක් මතින් ගමන් කිරීම – යම්කිසි බරපතළ තීරණයක් ගන්නටත් එයින් පාඩු සිදුවීමටත් ඉඩ තිබේ.
* බිලී කොක්කක සතෙකු (පණුවකු) අමුණන අයුරු – කරන්නට අදහස් කරන කටයුත්ත ගැන තවදුරටත් සෙවිය යුතුය.
* දැලක් මුහුදෙන් ගොඩට ඇදීම – වැඩි වියදමක් දරන්නට සිදුවන කටයුත්තක් යෙදේ.
* වැස්සට තෙමෙමින් ගමන් කරන අයුරු – ඉවසීමෙන් කටයුතු කළොත් ළඟදීම වාසනාව පෑදේ.
* සීසාන අයුරු – ඉදිරි කාලය සුබදායකය.
* කුඹුරක ගොයම් කැපීම – ඥාතියකුට මාරක අනතුරකි.
* කුඹුරක කරල් එකතු කිරීම – වියපැහැදම් අධික වේ.
* තමා හෝ වෙන කෙනෙක් හඬා වැලපෙන අයුරු දැක්වීම – මෙතෙක් පීඩා සහ දුක් ගැටලුවකට විසඳුම් ලැබේ.
* දර කපනවා දැකීම – පවුලේ ආරවුල් සහ පිටස්තරයන්ගේ අපහාස.
* වළක් හාරන අයුරු දක්නට ලැබීම – සුළු රෝගයක් බරපතළ තත්ත්වයට පත්වේ.
* ඉවුම් පිහුම් කරන අන්දම පෙනීම – පාඩු සිදුවන යමක් සිදුවන බවට ලකුණකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක