Home » සියලු කටයුතු පල දරන සුබ හෝරා කාලයක්
ඔක්තෝබර් 29 වැනිදා ඉරිදා පාන්දර 1.57 සිට 5.56 දක්වා

සියලු කටයුතු පල දරන සුබ හෝරා කාලයක්

by thanushika
October 21, 2023 12:30 pm 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

ආනන්ද යෝගයේ උදාව අතපසු වුණු වැඩ යළි ඇරැඹීමට සහ අනාගත ආයෝජනයන්ට ඉතා සුබයි

අති දුර්ලභ ආනන්ද යෝගය යෙදෙන ඔක්තෝබර් 29 වැනිදා ඉරිදා අලුයම 1.57 සිට පෙරවරු 05.56 දක්වා පවත්නා සුබ හෝරා කාලයේදී කරන කියන සියලු වැඩ කටයුතු සපල වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

ඔක්තෝබර් මස 29 වැනි ඉරිදා දින අස්විද නැකත පෙ.ව. 05.56 දක්වා පවතින අතර ඒ වන විට පසළොස්වක ගෙවී පෑලවිය තිථිය ආරම්භ වී ඇති නිසා සිද්ධි සහ අමෘත යන යෝග දෙකම එකවර උදාවී තිබීම දුර්ලභ සිදුවීමකි. එම යෝගවලින් අනෙකුත් සුළු දෝෂ සියල්ලක්ම භංග වන අතර ආනන්ද්‍රාදී අටවිසි යෝග චක්‍රය අනුව මෙය ආනන්ද යන සුබ යෝගයෙන් හඳුන්වනු ලබයි.

ඔබගේ අතපසු වී ගිය කටයුතු මෙන්ම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනවලට මේ දිනයේ සුබ හෝරාව යොදා ගැනීම අතිශයින්ම පලදායී බවද ජ්‍යොතිෂයෙහි සඳහන්ය.

එදින අලුයම 01.57 සිට පෙ. ව. 05.56 දක්වා එම සුබ හෝරා කාලයයි. එම සුබ හෝරා කාලය තුළදී 03.33න් පසු බ්‍රහ්ම මුහුර්තය බැවින් වඩාත් සුබ පල ගෙන දෙනු ලබයි. සුබ දිශාව වන්නේ නැඟෙනහිර දිශාවයි. ඔබගේ උපන් නැකැතට සීහේ නම් පමණක් එදින කටයුතු සිදුකර ගැනීමට උනන්දු වන්න.

බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමි ඔබට සියලු යහපත් සුබ ප්‍රාර්ථනා මෙදින ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකියාව පවතී. නිවාසවලට මුල්ගල තැබීම්, උළුවහු ජනෙල් තැබීම්, ගමන් බිමන්, පතල් කටයුතු, කෘෂිකාර්මික සහ ස්වයං රැකියා, ස්වර්ණාභරණ, සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ අලෙවිකරණය ආදිය මෙන්ම ලේඛන කලාවට ද මේ නැකැත් යොදා ගැනීමෙන් දින අධිපති හිරුගේ බලය අධිකාරියද නැකැත් අධිපති වන කේතුගේ දැනුම් සම්භාරය ද ලැබෙනු ඇත. විහාරස්ථානවල දේවස්ථානවල වැඩ කටයුතුවලට ද මේ නැකැත් හෝරා සුබ පල ගෙන දෙනු ඇත.

ඉරිදා දිනය කෘෂිකාර්මික අංශ කෙරෙහි වැඩි බලපෑමක් පෙන්නුම් කෙරෙනුයේ සූර්ය රශ්මිය ලබා දෙන හෙයිනි. මනුෂ්‍යයාගේ රෝග නිවාරණ ශක්තිය හිරු විසින් ප්‍රදානය කරන්නාක් මෙන් ගහකොළ සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රවණතාවක් දක්වා පලදාව ලබා දෙයි.

මේ නිසා ඔබේ ගෙවත්තේ හිරුගේ රන්වන් පාටට තිබෙන තැඹිලි පැළයක් නිවසට දකුණු දිශාවෙන් නැඟෙනහිර බලා සිටුවන්න. එය රැකබලා පෝෂණය කිරීමෙන් ඔබට රවිගේ අපල ඇත්නම් ඒ සියල්ල දුරු වී යනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division