Home » සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමට SMEDA රන් සම්මානය

සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමට SMEDA රන් සම්මානය

by sachintha
October 21, 2023 1:00 am 0 comment

මදුරු දැල් නිෂ්පාදනයේ වසර පහළොවක අත්දැකීම් ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උලෙළේදී රෙදි පිළි, ඇඟළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී පැවැත්වුුුණු මෙම සම්මාන උලෙළේ දී සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ චින්තක සිල්වා වෙත රන් සම්මානය පිරිනමන ලදී. ඉතා කුඩා ව්‍යාපාරයක් වශයෙන් ඇරැඹූ සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙවර ජාතික මට්ටමේ SLIM සම්මානයකින් පිදුම් ලැබීම ආයතනය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙස නොබලා කැප වීමෙන් වැඩ කළ සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සියලු සේවකයන්ට තමාගේ කෘතඥතාව පිරි නමන බවත් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චින්තක සිල්වා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division