Home » ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය

ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය

by sachintha
October 21, 2023 1:00 am 0 comment

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විණි.

ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් උදෙසා වෘත්තිමය මාර්ගෝපදේශනය සපයනු ලබන මෙම ආයතනය හරහා සහතිකපත්‍ර, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සාර්ථකව අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 350 ක් පමණ මෙහිදී ඇගැයීමට ලක්විය.

විශිෂ්ට අධ්‍යාපනික ක්‍රමවේද හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඉදිරි අනාගතය වෙනුවෙන් උපාධිධාරීන් බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය නිරත වනු ලබයි.

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය අධ්‍යාපන ආයතනවලට සාපේක්ෂව ඇති සුවිශේෂි වෙනස්කම් වනුයේ කර්මාන්තය පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් යොමුකිරීම සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයෙහි නවතම අධ්‍යන වැඩසටහන් හා තොරතුරු ලබාගැනීමට www.prisrilanka.com පිවිසෙන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division