Home » හොඳම රෝමිං එයාර්ටෙල් ලංකා වෙතින්

හොඳම රෝමිං එයාර්ටෙල් ලංකා වෙතින්

by sachintha
October 21, 2023 1:00 am 0 comment

එයාර්ටෙල් ලංකා සිය නවතම 4G Freedom පැකේජ හඳුන්වා දීමත් සමඟින් මෙරට ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට මුලපුරමින් සිටියි. ඒහි ඒක් අදියරක් ලෙස ඉන්දියාව හා ලංකාව අතර ගන්නා ඇමතුම් වෙනුවෙන් නවතම එයාර්ටෙල් රෝමිං පැකේජයක් හඳුන්වා දීමට එයාර්ටෙල් ලංකා සමත් වී ඇත. ලංකාවේ සිට ඉන්දියාව බලා ගමන් කරන සංචාරකයන් හට දැන් මෙම නවතම එයාර්ටෙල් රෝමිං පැකේජයට සම්බන්ධ වීමෙන් දැරිය හැකි මිලකට වාසිසහගත ඉතිරියක් ලබා ගත හැක.

මේ පිළිබඳ අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා පවසන්නේ ලංකාවේ සිට නිතර ඉන්දියාවේ බලා යන සංචාරකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් එයාර්ටෙල් ග්‍රාහකයින් බවට ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙන නිසා ඉන්දියාව තුළ විශිෂ්ට ලෙස ආවරණය වි ඇති ඒයාර්ටෙල් ජාලයේ මෙම නවතම රෝමිං පැකේජයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින එයාර්ටෙල් පාරිභෝගිකයින්ට දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ දී නොයෙක් ප්‍රතිලාභ අත්කර දීමට අපේක්ෂා කරන බවය.

Recharge කිරීමෙන් පසු හෝ එයාර්ටෙල් වෙබ් අඩවියෙන් මෙන්ම පාරිභෝගික වෙළෙඳසැල්වලින් (OTC), Recharge.lk සහ My Airtel App හරහා ද මෙම පැකේජය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය

You may also like

Leave a Comment