Home » ප්‍රේම සබඳතා සපල කරන විනෝද චාරිකාව

ප්‍රේම සබඳතා සපල කරන විනෝද චාරිකාව

by thanushika
October 14, 2023 12:30 pm 0 comment

* ස්ත්‍රියකගේ අවමඟුලක් – සියලු කටයුතු සහ සැලසුම් කඩාකප්පල් වේ.

* ස්ත්‍රියකගේ මළ සිරුර කපන අයුරු – දරු ගැබට හානි සිදු වේ.

* දන්නා හඳුනන ස්ත්‍රියක සමඟ කරන කතාබහ – කරන කියන කටයුතු කඩාකප්පල් වේ.

* මිතුරියකගේ වැලපීම – අපකීර්තියට පත්වේ.

* මිතුරියක විසින් තමාට අනතුරක් කරන අන්දම – පවුලේ අයකුට අසනීප වේ.

* දිවිනසා ගත් ස්ත්‍රිය – නීතිය ඉදිරියට යන්නට සිදු වේ. තමාට අවාසි සහගතය.

* ගැබිනි කාන්තාව – සියලු කටයුතු සාර්ථක වේ.

* සිඟිති දරුවකු සහ මව – ප්‍රීතියෙන් කාලය ගත කරන්නට හැකි වේ.

* දරුවකුට කිරි දෙන මවක් – අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ.

* ස්ත්‍රියකගේ ළයමඬල – සහකාරිය හෝ සහකරු නිසා අපහාස විඳින්නට සිදු වේ.

* වැලපෙන කාන්තාවක් – මුදල් නැතිභංග වීම සිදු වේ.

* ස්ත්‍රියක විසින් තමාට මුදල් දෙන අයුරු – තමා පිළිබඳව හිතවතුන් අතර කලකිරීමක් ඇති වේ.

* අලුත් වළඳක් ගෙට ගෙනඒම – ධන ලාභ

* දානමය පින්කමක නියුතු වන අයුරු – ණයවීමට මඟ පෑදේ.

* මහ පිරිසක් මැදින් ගමන් කරන අන්දම – තමන්ගේම සමීපතමයන්ගෙන් කරදර හිරිහැර සිදු වේ.

* සර්පයකු මරා දමන අන්දම – බලාපොරොත්තු සුන් වේ.

* නාගයකුට බියවී දිව යන අයුරු – තමාගේ මිතුරකු විසින් කරනු ලබන සතුරුකමක්.

* අලියකුට බිය වී දිව යන ආකාරය – සිත් වේදනා ගෙන දෙන සිදුවීමක ආරම්භයයි.

* මළගිය අයකු සමඟ කතා කිරීම – සිත තැති ගන්වන කරදරයක් ඇති වේ.

* තමන් නිරුවතින් ගමන් කරන අන්දම – කරන කියන කටයුතු සාර්ථක වේ.

* පිරිත් හෝ ගාථා කියන අවස්ථාවක ඊට සවන් දෙන අන්දම – ප්‍රීතිමත් ජීවිතයක ආරම්භය

* කිසියම් කරුණක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම – අනුකම්පා කරන්නට ගොස් භූමිකම්පාවකට බඳුන් වේ.

* කිසිවකු සමඟ දබර කරගැනීම – වැඩිහිටියකුට විශේෂයෙන් මවට අගුණ කාලයකි.

* විනෝද චාරිකාවක යෙදීම – බලාපොරොත්තු වන ප්‍රේම සම්බන්ධතාවට මුල පිරේ.

* නැවක හෝ බෝට්ටුවක නැඟී යන අයුරු – ශරීර සෞඛ්‍යය පිරිහී ඒ සඳහා මුදල් වැය වේ.

* වන්දනා ගමනක යෙදෙනවා දැකීම – බලාපොරොත්තු වන කාර්ය සාර්ථකය.

* හුදෙකලාවේ විශාල මාර්ගයක ගමන් කිරීම – බොහෝ ප්‍රීතිමත් කාලයක් උදා වේ. එහෙත් වැයපස අධිකය.

* උස කන්දක් නඟිමින් සිටින අන්දම – අපහාස අවමන් විඳින්නට සිදු වේ.

* ඇළක දොළක හෝ ගඟක පිහිනන අන්දම – සමීපතමයන් සමඟ සිත් අමනාපකම් ඇති වේ.

* ගල් කුළක් මතින් හෝ කන්දකින් පහළට පනින ආකාරය – දැඩි ලෙස සිත් වේදනා විඳින්නට සිදු වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division