Home » ඔක්තෝබර් 18 – 20 – 23 – 27 දින හතරේ විපුල පලදායක  සුබ නැකැත් පෙළක්

ඔක්තෝබර් 18 – 20 – 23 – 27 දින හතරේ විපුල පලදායක  සුබ නැකැත් පෙළක්

by thanushika
October 14, 2023 12:31 pm 0 comment

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී
විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

මෙම ඔක්තෝබර් මාසයේ ගුරු ග්‍රහයා සහ කුජ ග්‍රහයා සම සප්තම වීමෙන් අතිශය සුබ කටයුතු සඳහා නැකැත් සාදා ගත හැකි ඉතා කලාතුරකින් යෙදෙන සුබ කාලයක් උදා වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

විශේෂයෙන් දරුවන්ගේ කටයුතු සඳහා එය අතිශයින්ම යහපත්ය. මෙම කාලය පුර පක්ෂයට අයත් වීමද විශේෂත්වයකි. අනුර නැකත සහිත ඔක්තෝබර් 18 වන බදාදා කුඩා දරුවන්ට කන් විදීම, බත් කැවීම, අකුරු කියවීම වැනි කටයුතුවලට මෙන්ම වගා කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, යාන වාහන කටයුතු, ආගමික කටයුතු හා විවාහ මංගල්‍යය, නිවාස කටයුතු ආදියට සුබ නැකැත් සාදා ගත හැක. මෙදින රාත්‍රී 9.00 දක්වාම මෙම සුබ ග්‍රහ බලය පැවතීම විශේෂත්වයකි.

සිද්ධි යෝග බලයෙන් හා සුස්ථිර යෝග බලයෙන් පෝෂිත ඔක්තෝබර් 20 වන සිකුරාදා ද නිවාස කටයුතු, විවාහ මංගල කටයුතු, අධ්‍යාපන කටයුතු, වගා කටයුතු ආදිය සඳහා සුබ නැකැත් සාදා ගත හැකිය. මෙදින ග්‍රහ බලය ඉතා ඉහළ මට්ටමක පවතී. ඔක්තෝබර් 23 වන සඳුදා ද සිද්ධි යෝග බලය සහිත දිනයකි. කෝටියක් දෝෂ භංග කරන යෝගයක් සහිත දිනයක් වන මෙදින දරුවන්ගේ මංගල කෙස් රොද කැපීම, කන් විදීම, බත් කැවීම, අකුරු කියවීම වැනි කටයුතුවලට මෙන්ම ව්‍යාපාර ඇරඹීම, යානවාහන සම්බන්ධ කටයුතු, වෙහෙර විහාර, පැවිදි කිරීම් ආදී ආගමික කටයුතු මෙන්ම විශේෂයෙන් විවාහ මංගල හා නිවාස කටයුතු සඳහා සුබදායකය. මේ සියලුම කටයුතු සඳහා ඔක්තෝබර් 27 වන සිකුරාදා ද ඉතාම සුබ දිනයකි. ඔබ අරඹන බොහෝ සුබ කටයුතු සාර්ථක කරගත හැකි දෝෂ භංග ග්‍රහ බලයක් මෙදින පවතී.

කාර්ය සාඵල්‍යත්වය පිණිස හේතු වන සුබ මුහුර්තයක් සෑදීම ඉතා අසීරු කටයුත්තකි. එහිලා සලකා බැලිය යුතු කරුණු රාශියක් ඇත. අප මෙසේ ඉදිරිපත් කරන සුබ දිනවලට ඔබේ අවශ්‍යතා කල් ඇතුව සැලසුම් කර ගැනීමට හැකි වන අතර එම දිනය තුළ ඔබේ කාර්යයට ගැළපෙන සේ ඉතාම සුබ මුහුර්තය සොයා ගැනීමට ජ්‍යොතිෂවේදියෙකුගේ සහය ලබා ගන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division