බැංකු සහ මූල්‍ය ආයතනවල අවධානයට ලක් නොවන බිම් මට්ටමේ නව ස්වයං රැකියා නියුක්තිකයන් සහ සුළු ව්‍යාපාරිකයන් ඉලක්ක කරගත් මූල්‍ය යොජනා ක්‍රමයක් “අත හිත ඉතුරුම් ක්‍රියාවලිය “ ලෙස සිංගර් ෆයිනෑන්ස් සමාගම විසින් ආරම්භ කර තිබේ.
මෙම යෝජනා ක්‍රමයට දායකවන බිම් මට්ටමේ ශ්‍රමික ප්‍රජාවට සිය ඉතිරුම් සහ ගිනුමෙන් මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය තමන් වෙත එන ක්ෂේත්‍ර නිලධාරීන් හරහා සිදුකර ගැනීමට කටයුතු සලස්වා ඇතැයි එම සමාගම පවසයි.
එමෙන්ම මේ ඉතිරුම් ගිනුම් හිමියන්ට ස්වකීය ක්ෂය ශක්තිය අනුව ණය ලබා ගැනීමේ අවස්ථාව ද මේ යෝජනා ක්‍රමය තුළ සැලසුම් වී ඇත. මෙම ක්ෂේත්‍ර කටයුතු සඳහා තරුණ ප්‍රජාව විශාල වශයෙන් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර ඇති බැවින් එය තරුණයන් විෂයෙහි විශාල අවස්ථාවක් වනු ඇති බව සිංගර් ෆිනෑන්ස් හි ජාතික ප්‍රධානී – ඉතිරුම් සේවා සහ අලෙවි, සම්පත් ජයරත්න පවසයි.