සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM), කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ එක්ව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ “ජාතික සැපයුම් දාම දිනය” 2023 ඔක්තෝම්බර් 24 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒදින උදෑසන “තිරසර සැපයුම් දාම පරිසර පද්ධතිය තුළින් ශ්‍රී ලංකාවේ අනාගතය නැවත සකස් කිරීම”යන තේමාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක්, “ජාතික සැපයුම් දාම දිනය” වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම, “ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන” වෙනුවෙන් හොඳම “වසරේ සැපයුම් දාම වෘත්තියමය සංවිධානය” සඳහා වන සම්මානය, හොඳම “වසරේ සැපයුම් දාම වෘත්තිකයා” සඳහා වන සම්මාන පිරිනැමෙනු ඇත.
1972 දී පිහිටුවන ලද සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM)සැපයුම් දාම කළමනාකරණයේ (SCM) ගෝලීය සහ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් සහ සැපයුම් දාම වෘත්තිකයන් පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවල පුළුල් සමෘද්ධිය සහ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත සහ කැබිනට් අනුමැතියට අනුව, ශ්‍රී ලංකා රජය සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින ‘ජාතික සැපයුම් දාම දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එය පසුගිය වසර 50 පුරාවට මෙරට සිටින සැපයුම් දාම වෘත්තිකයන් පුහුණු කිරීමේ සහ සංවර්ධනය කිරීමේ පුරෝගාමි ආයතනය වීම වෙනුවෙන් ISMM වෙත උපහාර පුදකිරීමක් ලෙස සැලකේ.