Home » අධිවේගී චාජරයකුත් සමඟින් එන නවතම OppoA78 දුරකථනය

අධිවේගී චාජරයකුත් සමඟින් එන නවතම OppoA78 දුරකථනය

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

OPPO Sri Lanka සහ Abans සමාගම එක්ව නවතම A Series කාණ්ඩයට අයත් Oppo A78 ජංගම දුරකථනය පසුගියදා කොළඹ, ගලදාරී හෝටලයේ පැවැති උත්සවයක දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. හැඩකාර නිමාවෙන් සහ 5000mAh බැටරිය සමග මිනිත්තු 44 ක් ඇතුළත 100% ක් වේගවත්ව චාජ් කිරීමට 67W SUPERVOOCTM ඔස්සේ උපකාරී වීම Oppo A78 පාරිභෝගිකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දෙනු ඇති බව ඒම සමාගම්වල විශ්වාසයයි.

මෙම දුරකථනය පළමු පෙළ FHD+ AMOLED Displayඑකකින්, 50MP ප්‍රධාන කැමරාවකින් 8GB RAM +256GB ROM එකෙන් මෙන්ම 1TB දක්වා පුළුල් කිරීමේ හැකියාවෙන්ද යුක්තය.

A78 ස්මාට් ජංගම දුරකථනය Ultra-Slim Retro නිමාවකින් සමන්විත වන අතර Mist Black වර්ණයෙන් ලබාගත හැක. මෙහි දිගුකල් පැවැත්ම පිළිබඳ OPPO පර්යේෂණාගාර වල දැඩි පරීක්‍ෂාවන්ට ලක් කරමින් සහතික කර ඇත.

A Series නිෂ්පාදන පෙළ අතර කැපී පෙනෙන නිෂ්පාදනයක් වන මෙය තාක්‍ෂණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් ඔ්නෑම පාරිභෝගිකයෙකුට ගැලපෙයි. සියලුම අබාන්ස් ප්‍රදර්ශනාගාර, BuyAbans.com වෙතින් මෙන්ම OPPO බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙම දුරකතනය මිල දී ගත හැක.

You may also like

Leave a Comment