Home » අනතුරුවලට අතවනන මාරක ගස් ඉවතට

අනතුරුවලට අතවනන මාරක ගස් ඉවතට

by Mahesh Lakehouse
October 7, 2023 12:33 am 0 comment

මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම ගසක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ යටතේ මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන්ම මේ දිනවල පවත්නා අධික වැසිබර කාලගුණය නිසා මහජනතාවට වන අනතුරු වළක්වා ගැනීම පිණිස මේ සම්බන්ධව ක්ෂණික අවධානය යොමු කරන ලෙසද ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

පසුගිය සිකුරාදා පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධිය මුල් කරගෙන මහජනතාවට වන ආපදා වැළැක්වීම පිණිස ඇමැතිවරයා විසින් නිලධාරීන් හට මෙසේ උපදෙස් ලබාදී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division