Home » මේ වසරේ මුල් මාස 8 තුළ මාර්ග අනතුරුවලින් මරණ 1,534ක්

මේ වසරේ මුල් මාස 8 තුළ මාර්ග අනතුරුවලින් මරණ 1,534ක්

by Mahesh Lakehouse
October 7, 2023 12:39 am 0 comment

දිවයින තුළ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් සිකුරාදා උදේ වරුවේ පමණක් සිදු වූ බස් අනතුරු තුනකින් පුද්ගලයන් 05 දෙනෙක් මරණයට පත් වී 38 දෙනෙක් තුවාල ලබා තිබේ. එයින් බරපතළ අනතුර සිදු වූයේ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේදී කොළඹ සිට මතුගම බලා ගිය බස් රථයක් මතට දැවැන්ත ගසක් කඩා වැටීමෙනි. එහිදී 05 දෙනෙක් මිය ගිය අතර,17 දෙනකු තුවාල ලබා තවත් තිදෙනෙක් බරපතළ තත්ත්වයක පසු විණි. සෙසු අනතුරු සිදු වූයේ කුලියාපිටිය හෙට්ටිපොළ සහ කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේදීය. මෙම වම්පස ඡායාරූපයේ දැක්වෙන්නේ කොල්ලුපිටියේ අනතුර සිදු වී ඇති අයුරුය. එහි දකුණුපස ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනතුරෙන් මිය ගිය තිදරු පියකු වූ බාලක්‍රිෂ්ණන් සුබ්‍රමනියම්ගේ(65) බිරිය නාගජෝති සහ දියණිය දර්ශනී සිද්ධියෙන් කම්පාවට පත්ව හඬා වැටෙන අයුරුය.

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාර්ග අනතුරු 11,724 සිදු වූ අතර එයින් 1,447 මාරක අනතුරුය. එහිදී මිය ගිය සංඛ්‍යාව1,534කි. බරපතළ අනතුරු 3,500 වූ අතර සුළු අනතුරු සංඛ්‍යාව 6,345කි. අලාභ පමණක් වූ අනතුරු සංඛ්‍යාව 4,132කි.

ටානියා මෝසස් / ඡායාරූප - විමල් කරුණාතිලක, රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division