Home » දවසේ සියලු වැඩ සාර්ථක වන කෙම් ක්‍රමය

දවසේ සියලු වැඩ සාර්ථක වන කෙම් ක්‍රමය

by thanushika
October 7, 2023 12:37 am 0 comment

* ඇස්වහ – කටවහ හෝවහ දුරු වීම සඳහා ඉපැරණි පාරම්පරික කෙම් ක්‍රමයක් –

වී, කපු ඇට, ගම්මිරිස්, අඟුරු කෑල්ලක්, කහ කෑල්ලක්, කොළ සතක් ඇති දෙහි අත්තක්.

ඉරිදා සවස 5න් පසු කතා නොකර ළිං ජලය, මැටි බඳුනකට පුරවාගෙන එම බඳුනට ඉහත සඳහන් ද්‍රව්‍ය දමා දෙහිඅත්තද දමා තබා පාන්දර කපුටන් හැඬීමට පෙර පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන කට සෝදන්න. මුළු සිරුර පුරාම වතුර දෙහි අත්තෙන් ගාන්න. උදේ දහවල් සවස කළ යුතුය. සවස් වන විට දෙහි අත්ත මැළවී තැම්බී ඇත්තේනම් දෝෂ දුරුවී ඇත.

ගව ගාල්වලට ඉසින්න. ගොවිපළට ඉසින්න. කුඹුරට ඉසින්න. කතා නොකර ඉසිය යුතුවේ.

මන්ත්‍රය –

ඕං කීකරු නොකීකරු

දුටු කරු නොදුටු කරු

ඇස්වහ කටවහ අද හිටන් ( නම) ට නෑ.

* සිරුරේ මතුවීගෙන එන ගෙඩි ගැට වීමට –

කන හුනු දකුණු අතේ ඇඟිල්ලට ගෙන තමන්ගේ හිසට උඩින් බිත්තියක හෝ ගසක ඉරි 9 ක් අඳින්න.

මන්ත්‍රය –

ඕං නමෝ පාපා කරුසියාගේ ආඥාවෙන් ආනුභාවෙන් ලේරතේ දව දවා කිවි කිවි ඒහි ඒස්වාහඃ

ගෙඩියක් කිහිල්ලේ කම්මුල්වල දණහිස් මතුවී ගෙන එන විට මේ කෙම් ක්‍රමය කරන්න. සුව වේ.

* දත් කැක්කුමට මන්ත්‍රය –

ඉඟුරු කෑල්ලකට – ඕං නික දෑමුස් යන මන්ත්‍රයෙන් 21 වරක් මතුරා සපනු. දත් කැක්කුම් නැති වේ. සුව වේ.

* නිදන්ගත රෝගවලට / චර්ම රෝග / කැසීම, හොරි දද, වණ, කුෂ්ට කඩුවේගන්වලට පණුකැවිලිවලට මෙම මන්ත්‍රයෙන් වතුරට 108 වරක් මතුරා බොන්න. ශරීරය සෝදන්න.

කෙම් මන්ත්‍රය

ඕං භයාන් සර්වතෝ රක්ෂ ශ්‍රියං වර්ධය සර්වඥ ශරීරා රෝග්‍යං මේ දේහි දේව දේ නමෝ නමඃ

* ලස්සන වීමට

කතා නොකර ළිං ජලය බඳුනකට ගෙන සුදු හඳුන් කුඩු මේස හැඳි භාගයක් මිශ්‍ර කර

ඕං නමෝ ශ්‍රියං වර්ධක නමඃ යන මන්ත්‍රයෙන් 108 වරක් අලුයම මතුරාගෙන උදේ හිස් බඩ පානය කරන්න. මුහුණ සෝදන්න. දින 21 ක් කළ යුතුය. දිනෙන් දින මුහුණ ලස්සන වේ.

* වෙළෙඳාම් දියුණුවට කෙමක් –

ඊසාන පැත්තට ඇති සේපාලිකා ගසේ මුලක් කතා නොකර ගලවාගෙන සිකුරාදා අලුයම කපුටන් හැඬීමට පෙර මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ගෙන වෙළෙඳාම් කරන තැන මුදල් දමන ලාච්චුවේ බුලත් කොළයක ඔතා දමා තබන්න. දිනෙන් දින ආදායම වැඩි වේ. මිල මුදල් හිඟ නොවේ. වෙළෙඳාම දියුණු වේ.

මන්ත්‍රය – අයියුම් කිලියුම් සෞවුම් සෞවුම් කිලියුම් අයියුම් සිවා වාවා පරමේෂ්වරී නමඃ

* උතුරට හිස දමා නිදා ගැනීම ඉතාම අසුබය.

දකුණ බලා ආහාර ගැනීමෙන් ධනය ලැබේ. නැඟෙනහිර බලා ආහාර ගැනීමෙන් නීරෝගි වේ. බස්නාහිර බලා ආහාර ගැනීමෙන් ජනප්‍රිය වේ. වශිය ඇති වේ.

* උදේ. 8.23ට නැඟෙනහිර බලා (ඕං ජුං සඃ) යන අකුරු තුන 21ක් වරක් කියන්න. දවසේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේ. මුදල් අතට ලැබේ. දිනෙන් දින දියුණු වේ.

* දවසේ සාර්ථකත්වයට –

හිරු නැඟෙන වේලාවේ එළිමහනේ වම් නාස් පුඩුව ඇඟිල්ලෙන් තද කර දකුණු නාස් පුඩුවෙන් හත් වාරයක් හුස්මගෙන පිට කරන්න. ඊට පසු දකුණු නාස් පුඩුව හිර කරගෙන හුස්ම ගෙන 7 වරක් පිට කරන්න. ඊට පසු නාස් පුඩු දෙකම හිර කරගෙන කටින් හුස්ම 7 වාරයක් ගෙන පිට කරන්න. මේ ක්‍රමය 7 වාරයක් කරන්න. ඔබේ එදිනෙදා සියලුම වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වේ. පැරණි කෙම් ක්‍රමයකි. හොඳ සිහියෙන් කළ යුතු වේ.

* යහපත් අදහස් ඉටු වීමට –

කතා නොකර සමන්පිච්ච මල් හතක් බුලත් කොළයක් මත තබා එය බෝධි මළුවේ මල් අසුන මත තබා එක මලක් අතට ගෙන සබ්බපාපස්ස අකරං ගාථාව කිව යුත්තේ සත් වාරයකි. ඔබට ඉටු කරගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය කාරණය 7වාරයක් සිතෙන් කියන්න. ප්‍රතිඵල ලැබෙනු නිසැකය.

* නවග්‍රහ කෙම් ප්‍රදීප පූජාව – එළඟිතෙල් පහනක් දල්වන්න. කතා නොකර එම එළඟිතෙල් පහන් දැල්ලෙන් තවත් පහන් 8ක් දල්වා මුල් පහන මැදිකර අට පැත්තට තබන්න. දැන් ඔබේ යහපත් අදහස ඉටුකරගැනීමට සිතෙන් අධිෂ්ඨාන කරන්න. දින 9ක් කළ පසු සර්ව ප්‍රකාරයෙන්ම අදහස සාර්ථක වේ. පවිත්‍රව කළ යුතුය. නවග්‍රහ කෙම් ප්‍රදීප පුජාවයි.

* තාම්බුල පූජාව –

බුලත් කොළයක පිටුපස දෙහි කටුවෙන් රවුමක් ඇඳ ඔබේ ලග්නය ලියන්න. බෝධියක් අසල හෝ නිවසේ ආගමික පූජා කරන තැන බුලත් කොළය පීරිසිය තබා වී ඇට (වී ඇට 9ක්) බුලත් කොළය උඩ තබන්න.

මන්ත්‍රය – ඕං නවග්‍රහ දේවාය නමෝ නමඃ මන්ත්‍රය 21 වරක් කියන්න. දින 9ක් පවිත්‍රව කරන්න. ඔබේ වැදගත් සුබවාදී අදහස 10 වැනි දින හරි යනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division