Home » Great Place To Work සම්මානයෙන් DIMO යළි පිදුම් ලබයි

Great Place To Work සම්මානයෙන් DIMO යළි පිදුම් ලබයි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO ජයග්‍රාහී එකොළොස් වන වරටත් Great Place to Work සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උලෙළ තුළදී DIMO දිනා ගත් සම්මාන අතරට Asia’s Top 100 Workplaces යන සම්මානය ද ඇතුළත් වේ. සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත සේවයට සුදුසු ආයතනයක් බිහි කිරීමෙහිලා DIMO දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ද්විත්වය හඳුන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී දිල්රුක්ෂි කුරුකුලසූරිය පැවසුවේ මෙම අඛණ්ඩ ජයග්‍රහණය පිටුපස පවතින්නේ ඔවුන් පවත්වාගෙන යන යහපත් මානව සම්පත් පිළිවෙත් පමණක්ම නොවන බවත් සමාගමේ සේවක වටිනාකම් යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් දියත් කර ඇති උපායමාර්ගික ප්‍රවේශයන් ද මෙම ජයග්‍රහණයට හේතු වූ බවත්ය. සමාගමේ සේවකයින් මෙම ජයග්‍රහණයේ ප්‍රමුඛස්ථානයක් හොබවන අතර සිය සමාගම තුළදී ඔවුන් ලබාගත් විවිධ අත්දැකීම් පිළිබඳව ඔවුන් දක්වන ලද අදහස් තුළින් එය මනාව පිළිඹිබු වේ. DIMO හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chemical Solutions) රඛිත ගුණසේකර පැවසුවේ සිය සාරධර්මවලට හානියක් නොවන පරිදි සේවා ස්ථානයට තම උපරිමය ලබා දීමට සේවකයන් දිරිමත් කරන පරිසරයක් තමා ‘Great Place to Work’ ලෙස දකින බවත් DIMO එයට කදිම නිදසුනක් බවත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division