Home » සංවේදී වෘත්තිකයන් බිහිකරන HNB FINANCE

සංවේදී වෘත්තිකයන් බිහිකරන HNB FINANCE

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය මූල්‍ය සේවා වෘත්තිකයින් වෘත්තීය සීමාව තුළට පමණක් කොටු නොකොට එම සීමාවෙන් ඔබ්බට ගෙන යමින් ඔවුන්ගේ සහජ නිර්මාණශීලී හැකියාවන් සමාජයට හදුන්වාදීමේ වෑයමක පසුගියදා නිරත විය. එනම් HNB FINANCE සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කාව්‍ය සංකල්පනාවන් රැගත් “ ඉනික්බිති තවත් මල් පූදීවි” නම් වූ කාව්‍ය සංගෘහිතය ජනගත කරමින් ඔවුන්ගේ කලා කුසලතා සමාජය හමුවේ තබන්නට අවස්ථාව සලසමින්ය.

නිරන්තරයෙන් ජනතාව හා බද්ධ වෙමින් ඔවුන්ගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාලීම සදහා උරදෙන ආයතනයක් ලෙස HNB FINANCE සිය ආයතනික සාමාජිකයින් නිර්මාණශීලී සංවේදී හදවත් සහිත මිනිසුන් බවට පත් කරලීම සදහා නිරන්තරයෙන් වෙහෙසෙන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ කාව්‍ය සංගෘහිතයක් ප්‍රකාශයට පත්කිරීමේ කාර්යය සඳහා HNB FINANCE හි සියලු ශාඛා නියෝජනය කරමින් කාව්‍ය සංකල්පනා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර එම කාව්‍ය පබැඳුම් අතර ප්‍රකාශයට සුදුසු මට්මමේ කවි නිර්මාණ ඉදිරිපත්කළ අංකුර කවි කිවිඳියන් පස් දෙනෙකුගේ කාව්‍ය නිර්මාණ හතලිස් අටක් මෙම කාව්‍ය සංගෘහිතයට ඇතුළත් කිරීමට තෝරා ගැනුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division