රට තුළ ත්‍රස්තවාදී ක්‍රියාවලියක් නොමැති මොහොතක ත්‍රස්ත විරෝධී මර්දන පනතක් ගෙන ඒම රනිල් – රාජපක්ෂ පාලනය රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ තවත් පියවරක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සිළුමිණට පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදයේ උපත මැතිවරණය බව පවසන ආණ්ඩුවම මේ වන විට පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ජනතාවට අහිමි කොට ඇති බවත් ඊට විරෝධය පාමින් විවිධාකාරයෙන් නැඟී සිටින ජනතාව මර්දනය කිරීමට විවිධ පනත් ගෙන එමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
රට පාලනය කරන ඊනියා ප්‍රභූ පන්තිය මේ සියල්ල කරන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය යෑම වැළැක්වීමට බවත් ඒ සඳහා විවිධ නම්වලින් පනත් ගෙන එන බවද ඔහු පැවසීය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්