Home » සමාජ මාධ්‍ය නියාමන පනත අධිපතිවාදී ප්‍රයත්නයක්

සමාජ මාධ්‍ය නියාමන පනත අධිපතිවාදී ප්‍රයත්නයක්

සජබ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර්

by Mahesh Lakehouse
September 30, 2023 12:34 am 0 comment

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී ප්‍රතිචාර නොදක්වන ආණ්ඩුව තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා යෝජිත සමාජ මාධ්‍ය නියාමන පනත මඟින් අධිපතිවාදී ප්‍රයත්නයක් දරන

බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් පැවසීය. ලෝක ඉතිහාසයේද බලයෙන් උමතු වී අධිපතිවාදී ප්‍රවණතාවට යොමුවූ නායකයන් කුණු බක්කියට වැටුණු අයුරු දැක ඇති බවත් මෙම පනත පිළිබඳ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී සාකච්ඡාවක් සිදුකර ඔවුන්ගේ අදහස් ලබාගත යුතුව තිබුණු බවත් කීවේය. සමාජ විරෝධතා මත මීට පෙර මෙම පනත හකුළා ගැනීමට ආණ්ඩුවට සිදු වුවත් ඒ පනත හා දැන් ගෙනැවිත් තිබෙන පනත සැසඳීමේදී කිසිදු කේන්ද්‍රීය වෙනසක් සිදුකර නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division