4.5K
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.
මෙවර ලෝක ළමා දින උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 ඉරිදා දින පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙවර ළමා දින තේමාව වන්නේ ‘ සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා අගමැති කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මේ උත්සවයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද සහභාගි වේ. මෙවරද වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.
රසික කොටුදුරගේ