Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

අරු­මැ­සිය

දකින විට හැඟෙයි මෘදු හුරු පුරුදු බවක් ඔබ
දනිමි ඉඳු­රාම පෙර හමු­වෙලා ඇති බවක්
සින­හ­වට, කතා­වට, වශී විය මොහො­ත­කට
හිතයි මට විම­සන්න ඔබ තවම ඔබ­ගෙ­මද?
ගොත­න්නට කවි පබළු
නොදන්නා නමුත් මම
ඔබම කවි­යක් වෙලා
මවයි රස හිත පුරා
සඳ සිසිල මඳ පවන
විහ­ඟුන්ගේ කිචි බිචිය
පෙර නොවිඳි ඒ මිහිර
මැවූ අරු­මැ­සිය ඔබ
හිතයි මට විම­සන්න
ඔබ තවම ඔබ­ගෙ­මද?

හර්ෂනි ඥාන­සිංහ තල­ව­තු­ගොඩ

———————————————————————————————————————————

මව­කගේ සෙනෙ­හස

වැටෙන කඳුළු කැට
සඟවා දෙනෙ­තින්
සතුටු සිනහා පිරි
මුවඟ නිර­න්තර
ජීවන දිය මත පැද­ යන ඔරු කඳ
වාරු නැඟෙන්නේ
නුඹේ පණනල තුළ
පාරමී පුරන්නෙ
හැම භව­ය­ක­දිම
නුඹේම වී මා
යළි උප­දි­න්නට
දරු සෙනෙ­හස පපු­තුරේ හොවා­ගෙන
ජීවන ගඟ තර­ණය කර යන්නට

දිලුෂා ලක්මාලි

———————————————————————————————————————————

මුනු­පු­රන්ගේ උපන් දිනය

දුව පැන නට­මින් – සෙල්ලම් කර­මින්
“සීයේ” කිය­මින් – බෙල්ලෙ එල්ලෙ­මින්
කළ­බල කර­මින් – බොරු­වට අඬ­මින්
සීයේ කිය­මින් – කොණ්ඩේ අදි­මින්
තර­ගෙට දුව­මින් – පැරදී වැටෙ­මින්
සීයේ කිය­මින් – නඩුව පව­ස­මින්
නැවත එක්වෙ­මින් – දෙදෙන සිනා­සෙ­මින්
සීයේ කිය­මින් – විග­ඩම් කර­මින්
අවු­රුදු දහ­යෙන් – වය­සින් වැඩෙ­මින්
සීයේ කිය­මින් – උපත සම­ර­මින්

රූප­සිරි කේ. ලිය­නගේ

———————————————————————————————————————————

ඔබට

දැවී නිවෙන නෙතු අද්දර
සැන­සුම් සුසු­මක් හෙළන්න
ඒවිද මතු තවත් දිනක්
නොදුටු හීන හැබෑ කරන…
අයිති නොමැති මල් හීනෙක
ආද­රයේ සුව විඳින්න
ගැට නොගැ­සුණු දෑත් වටා
සුන්දර රැඟු­මක් පාන්න…..
නොදුටු හීන මතු කරාන
සිත් යා­යෙම මල් නෙළු­වට
සමා­වෙ­යන් හද කුසුමේ
සොඳුරු මතක පැළ කළාට…

සුජීවා ලක්මිණි විම­ල­තුංග

———————————————————————————————————————————

හොද්ද සහ හැන්ද

සත් ගුණ­යෙන් පෝෂිත
දැහැමි පුද්ග­ල­යන්
ඇසුරු කෙරු­වත් දිව රෑ
යහ­ගු­ණ­යෙහි අගය
ඇතැම් අය නොදනී
හොද්ද හැඳි ගගා පිසු­වත්
හැන්ද හොද්දේ රසය නොදන්නා සේ

චින්තා කරු­ණා­රත්න

———————————————————————————————————————————

දෙවි­දි­හක්

චපල බවට…
ලැබු­වත් අව­මන්
ගැර­හුම් අප­මණ
මනමේ බිසව
ඉන් අඩ­ක­ටත්
අඩු­වෙන්
නොවෙද ලැබුවේ
විජය රජ…

මාලතී රූපිකා පුංචි­හේවා

———————————————————————————————————————————

කත­රක දුක

නුඹේ මුහුණ වෙනදා මෙන්
සිහි­යට නැඟෙන විට
හිතට නැඟෙන දුක
ඔබෙ රුව දකි­න්නට
මව්බි­මට පා තබ­න්නට අවු­රුදු දෙකක්
සහ­රාවේ සිර ගෙදර වැනි මම සිර­ග­තයි
කවදා නිද­හස ලැබේ­විද එතෙක් බලා ඉන්නම්
මා දයා­බර සෙව්ව­න්දියේ…

අජිත් ජෝතිය නර­සිංහ

———————————————————————————————————————————

සැන­සීම

උපතේ පටන් විඳි සැප මඟ නතර වුණා
හැත්තෑ එක වසර මහ දුක් ගඟක් වුණා
වසර හතක් මහ බිය­කින් කල් ගෙවුණා
පෙර පින් තිබූ නිසා අප සැම නිදොස් වුණා

ළමා තරුණ පර­පුර මත බිලි ගත්තා
හොර­කම භීෂ­ණය රට තුළ තැති ගත්තා
හොඳ දේ නරක දේ මොන­වද නොතේ­රුණා
කෙමෙන් කෙමෙන් මිනිසා නොමි­නිසා වුණා

හොඳ දේ කුම­ක්දැයි දැනු­වත් කර­න්නට
කලින් කලට එන පාලක ලොක්කන්ට
පක්ෂ පාට කති­රය වී ඇත පෙරට
සැමදා රටම බිලි වන්නේ මේ තුනට

ස්වර්ණා අබේ­රත්න

———————————————————————————————————————————

සීගිරි වත

සීගි­රිය විස්කම් – එහි ළඳුන් මන­රම්
සිටි­න්නට ඇත්නම් – රකිමි උන් තනි­කම්
විදුලි, ගෙර­විලි – දුටුවෝ, ඇසුවෝ
උනුන් රුව ඇඳ – සනි­ටු­හන් කෙරුවෝ
නීල හා හෙළ – පැහැය වටැ­කොට
ලොවම මවි­තව – බලති අරු­මය
නේක සම්පත් – පතාලා ලොබ
කෙලෙ­සදෝ – පිය රද මැරූවේ
සිතු­ව­මක ඇති – කලා ලාලි­තය
හඳු­නන සිත – කිමද වූයේ සැහැසි

සමන් හේරත්

———————————————————————————————————————————

හිතමු

කඩි­ස­රව වැඩ කරන කාලෙදි ලබා­දෙයි හැම­දෙ­නගෙ අත­හිත
එඩි­ත­රව හැම වැඩක් කෙරු­මට ලැබෙයි වත්කම පිරෙ­න්නට අත
දුර්­ව­ලව ගිය විටදි ගත සිත සිය­ලු­ දෙය අහි­මිව යමින් ඇත
අස­ර­ණව ලෙඩ ඇඳට වැටු­නම ළඟින් උන් කිසි ­කෙ­නෙ­ක්වත් නැත

අප සැවොම විර­සක වෙලා අර­ගල කළොත් නොද­කිනා සැප­තට
සැප ලැබී­මද මිරි­ඟු­වක් වෙයි හුදෙ­ක­ලා­වක තනිවූ මොහො­තට
කප තිබෙන තුරු සැන­සු­මක් සතු­ටක් නොදෙයි ඒ සෑම සිත­කට
වප­ස­රිය හඳුනා නොග­ත්තොත් දියු­ණු­වක් නැත අපට කිසිවිට

අම්බ­ල­න්ගොඩ සම­ර­නා­යක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division